🌸Chapter 9...🌸

59 22 25
                                    


ළඟ හිටපු එකා මට උත්තර දුන්නේවත් නෑ... එයා කඩුවත් තියාගෙන හරි කෙලින් එතන හිටගෙන හිටපු ඒක
විතරයි කරේ... ටික වෙලාවකින් මගෙ තුවාලේ ලේ යන එක නැවතුනා... මන් තුවාලෙට පිඹ පිඹ එක අල්ලද්දී අල්ල පුරා විහිදිලා ගිහිපු ලේ කැටි ගැහිලා... මගෙ පිට දිගේ හිරියක් ගියේ හිතේ ඇති උණු අමුතු බයක් එක්ක... මන් කරන්න දෙයක් නැති කමට ඔප්පාගෙනුත් උදව් ඉල්ලුවා...

"ඔයාගේ ඇහැට මොකද උනේ😶?..."

මන් ළඟ හිටපු කෙනාගේ ඇහැ ලග සිරස් අතට දිග කැළලක් තිබුනා කම්මුලේ ඉඳලා නළලට යනකල්ම... ඒ පාරනම් එයා මන් දිහා බලලා රැව්වා...

"එය සිදුවූයේ මීට දෙවසරකට පමණ ඉහතදී... මින් දේශයේ සිට මා පැමිණෙන අතරේදී මංකොල්ල කාරයෙකුගේ ප්‍රහාරයකට මා ගොදුරු උනා🤨..."

"ඉතින් ඌ ඇවිත් තමුන්ගේ ඇහැට කොටලා යනකම් තමුසෙ බලන් හිටියද බූරුවෝ🙄😌?..."

"ම්වො...? ඔබගේ කතා විලාසයනම් හරිම නුහුරුයි... මට නම් වටහාගත නොහැකියි ඔබ කොහි සිට පමිනිලාද යන වග🤨..."

"මේ මේ...විහිලු කරන්නෙපා හැලෝව්😒..."

"හහ්🤨?..."

මගෙ පෙර කරුමෙකට මන් කියන දේවල් මූට තේරෙන්නේ නෑ... තාමත් ෂූටින් විකාරෙන්ද කොහෙද... කමන් නෑ... මාත් ඉතින් ඕනේ මගුලක් වෙච්චදෙන් කියලා ඒ විදිහටම කතා කරා...

"මන් ඔබගෙන් ඇසුවේ ඔහු පැමිණ ඔබගේ ඇස දිගේ කැළලක් තබන තුරු ඔබ නිකන් සිටියේද කියායි😌..."

"කුමක්දෝ අවාසනාවකට මා එදින සුවෙන් පසු වූයේ නැහැ... මා සිටියේ බොහොම අමාරුවෙන්... ඒ නිසා සටන් කිරීමට අවස්තාවක් ලැබුනේ නැහැ🙂..."

මන් එහෙම කියලා නැගිටින්න හැදුවත් මේකා අයෙමත් අර කඩුව මගෙ බෙල්ලට තිව්වා...

"ආයිශ්... මොන රෙද්දක්ද?... මූ මට නැගිටින්න්න දෙන්නෙත් නෑ😒... "

මන් හිතින්ම ඒ මනුස්සයට බැන බැනම වටපිටාව දිහා ඕනේ කමින් බෙල්ල හරවලා බැලුවා... කොච්චර බැලුවත් මට පෙන්න තිබුනෙ නොපෙනෙන තෙක් මානය වෙනකල්ම තියෙන මුහුද විතරයි... මන් මන් ළඟ හිටපු මනුස්සයව විනාඩියක් දෙකක් මගෙ තියුණු ඇස් වලින් තේරුම් ගන්න බැලුවා... මට තේරුනේ එක දෙයයි...

"ඔමෝ... එයා හරි භයානකයි😳..."

එයාට තිබ්බෙ පූසෙක්ගෙ වගේ ඇස් දෙකක්... කළු පාට ඇඳුමක රත්තරන් පාටින් කරපු කැටයම් වගයක් තිබ්බා... එයා දාගෙන හිටපු රත්තරන් පාට කරාබු දෙකෙන් වගේම බෙස්ලට් එකෙන් පෙනුනේ පෝසත් පෙනුමක්... ඔක්කොටම වඩා මගෙ හිත ගත්තෙ ඇහැ ළඟ තිබුණු කැළල... එකෙන් එයාට ඕනෙවටත් වඩා නපුරු පෙනුමක් තිබ්බා... එයාගේ කටහඬ ටිකක් නිදිමත පාට උනත් ගොරෝසුයි...

"ඔබ ඇයි මා දෙස බලා සිටින්නේ🤨?..."

"හහ්?... මන් කල්පනා කරේ ඔහේව යවන්න පුළුවන් පිස්සන් කොටුව මොකද්ද කියලා😌😒..."

"..."

එයා ඒකට මුකුත් කිව්වෙ නෑ... මට කම්මැලි... වෙන කරන්න දෙයක් නැති නිසාම මගෙ එක කකුලක විතරක් තිබුණු සපත්තුව ගලවලා මේස් දෙකත් ගලවල වැල්ලෙම වේලෙන්න දැම්මා... ඇත්තටම කිව්වොත් මගෙ සපත්තුව ඇරෙන්න තියෙන ඇඳුම් හැමදෙයක්ම වේලිලා... ඉතින් ඒ නිසාම මන් ස්කූල් යුනිෆෝම් ඒකට උඩින් තිබුණු කෝට් එක ගලවනකොට තවත් කෙනෙක් කැගහුවා...

"අන්ද්වේ😳... "

මන් ශේප් එකේ ඔලුව හරවලා බැලුවේ ඒ පාර මොකෙද්ද කියලා... වාහ්... මට හුස්ම ගන්නත් අමතක උනා... එයා ඒ තරම් ලස්සනයි... එයා ටිකක් ඔප්පගෙම උස වගේ... එයත් ගොඩක් පෝසත් කෙනෙක් වෙන්න ඇති කියලා මට හිතුනා... විශේෂම දේ උනේ එයාගේ තිබුනෙ මන් කවදාවත් දැකලා නැති හැන්ඩ්සම් කමක්... මට එයා ගැන කියන්න තේරෙන්නේ නෑ... ඒත් එයත් ඇඳන් හිටියෙ ඉස්සර කාලේ ඇඳුම්මයි...

"මෙහි තිබී පුස්තක කීපයක් වගේම අප නොහඳුනන දේවල් රාශියක් අපට ලැබුනා... පැහැදිලි කරන්න..."

එයාගෙ අතේ තිබ්බෙ මගෙ ස්කූල් බෑග් ඒක...

එයා කියපු ඒකට මට මල පැන්නා... ඒ නිසා මන් කෝට් එකත් හදන් සායේ වැලිත් ගසලා අඩි පොලවේ හප්පන ගමන් නැගිට්ටා...

IT'S YOU | ONGOING Where stories live. Discover now