🌸Chapter 34...🌸

53 22 14
                                    


"ඇත්තටම ඔෆිසර්... මීට කලින් මෙහෙම දෙයක් මම දැකලම නෑ... එයාට කිසිම මෙන්ටලි ඉශූ එකක් නෑ... ඒත් එයාගේ මානසිකත්වය හොඳ නෑ... මට නිකං බෙහෙත් දෙන්න බැහැ... ඇත්තටම මට ලැජ්ජයි කියන්න... ඩොක්ටර් කෙනෙක් වෙලත් මට මේක තේරෙන්නෑ..."

"ඔහෝ... මට තේරෙනවා..."

මම ඩොක්ටර්ව එළියෙ නවත්තගන්න කියලා ලීසාගෙ වී අයිපී හොස්පිටල් වෝඩ් රූම් එකට ඇතුල් වුණා... එයා ඇඳේ වාඩි වෙලා හිටියා... මාව දැකපු ගමන් ලීසාගෙ ඇස් බයෙන් ලොකු වුණා... දේ... ඒ ඇස් වල තවදුරටත් මට පේන්න තිබුනෙ රැවටීම, කපටිකම විතරයි...

"තමුසෙට කොහෙන්ද එච්චර හයියක්?..."

මගේ අත ලීසාගෙ කම්මුලේ තදින් නතර වෙනකොට හොබී අනිත් ඔෆිසර්ලා එක්ක වෝඩ් රූම් එකට ඇතුල් උනා... හොබීගෙ ඇස් වලත් ලොකු කේන්තියක් නලියන විදිහ මන් ඇස් කොනෙන් දැක්කා...

"හායි මැඩම්... අන්තිම වතාවට අහන්නේ... ඔයා කිම් දෝයෝන් කියන කෙනෙක් අඳුරන්නෙ නෑ... එහෙමනෙ?..."

"දේ... මම අඳුරන්නේ නෑ එයාව..."

ලීසා කම්මුලත් අත ගගා කේන්තියෙන් කෑ ගැහුවා...

"ඇරෙස්ට්!!..."

හොබී මාංචු දෙක උඩට උස්සලා තදින් කිව්වම පොලිස් ලේඩිලා දෙන්නෙක් ලීසා ලගට ගියා... ඒත් ඒ දෙන්නට කලින් ඉක්මන් උනු ලීසා ජනේලෙ ලගට ගියා...

"ලඟට එන්න එපා... මම පනිනවා..."

ඒ ජනෙල් පඩිය තිබ්බෙත් ලීසාට පනින්න බැරි තරම් උසක... එහෙව් එකේ එයා කොහෙ කියලා පයින්නද?...

"පයිනවා එහෙනම්... තමුසෙගෙ පව් ගෙවෙන්නත් ඕනෙනෙ... පයිනවා ඉක්මනට... තමුසෙට පයින්න බැරි නම් මන් තල්ලු කරන්නද..."

මන් කියද්දි ලීසා එහෙමම ටිකක් සැලෙන්ඩර් වෙනවට් එක්කම හොබීම ලීසාට මාන්චු දැම්මා...

"ආහ්..."

මන් එතන තිබ්බ මේසෙ පෙරලලා දැම්මෙ පිස්සෙක් වගේ... හොබී මාව නැවැත්තුවෙ නෑ... මම මුලු රූම් එකේම තිබ්බ බඩු පොලවෙ ගැහුවා... මන් බැරිම තැන බිම වාඩි වෙලා ඔලුවෙ අත් දෙක ගහගත්තා...

"ආයිශ්!!..."

"කජා නාම්ජූන්..."

හොබී මාව වාරු කරගෙන එලියට එද්දි ලීසා විතරක් නෙමෙයි ලීසගෙ අප්පවත් සැකපිට ඇරෙස්ට් කරන්න අරගෙන ගියා...

"මන් එයාලගෙන් ප්‍රශ්න කරනවා..."

"හ්ම්..."

"මට හිතාගන්න බෑ දෝයො කොහෙ ඉන්නවද කියලා... හැමතැනම හොයලත් තවමත්... ආශ්... රටින් පිටවෙලත් නෑ බං..."

මන් ඒකට හොබීට කිසිම උත්තරයක් දුන්නෙ නෑ...

"හොබී... මම ගෙදර යනවා... ප්‍රශ්න කරලා උඹට පුලුවන් නම් මට රෙකෝඩ් එක එවහන්..."

"ඕකේ නාම්ජූනා... මන් ඒකිව පුලුවන් තරම් ඇතුලට දානවා... සමහර විට ඒක අවුරුදු පහලවකටත් වඩා දිග වෙයි..."

"කුමාවෝ හොබී..."

"වේ?..."

"මේ කරන උදව් වලට... උඹත් උදේ දවල් රෑ කියලා බලන්නෙ නැතුව මහන්සි වෙනවා..."

"ඒ ගැන හිතන්නෙපා නාම්ජූන්... එක අතකින් දෝයො කියන්නෙ මට මගෙම සහෝදරියක් වගේ... අනිත් පැත්තෙන් මේක මගේ රස්සාව..."

"යන්නම් හොබී..."

"ඒත් මේ වැස්සෙ?..."

"දේ... එතකොට නිකන් දෝයො මගෙ ලග ඉන්නවා වගේ..."

"ආහ්... ඕකේ... ඕනෙ එකක්... මොනවා උනත් සිහිය තියාගෙන පරිස්සමෙන් පලයන්..."

මන් වැස්සෙම පාර දිගේ ඔහේ ඇවිදගෙන ආවා... මම ලීසා දෝයොව තල්ලු කරපු තැනට ගියා... මගේ ඇස් වල කදුලු පිරුනෙ ඉබේටම...

"ඔයා එදා මේ වගේම වැස්ස නිසා සතුටෙන් හිටියෙ... නේද දෝයො?..."

මට උත්තරයක් නොලැබුනත් තනියෙම මම දිගටම කතා කරා...

"ඔයාට පීනන්නත් බෑ නේද?... බේබී... ඔයාට කොහොම දැනෙන්න ඇතිද එදා?... මට හිතාගන්න බෑ... ඔයාව තව කොච්චරනම් කාලයක් හොයන්නද මන්?... එන්නෙ නැද්ද ආයෙ?... මුලු කොරියාවක් හොල්ලපු මාව මෙච්චර ඇඩෙව්වෙ ඔයා විතරයි... දෝයො... ඉන්න තැනකින් එන්න දැන්..."

කටහඩ බිදෙනවත් එක්කම මම ලොකු හුස්මක් පහලට දැම්මා...

"එක පැත්තකින් ඔම්මා අසනීප වෙලා... අප්පා රෑ දවල් බලන්නෙ නැතුව තමුන්ව හොයනවා දෝයො... හොබී ඔප්පත් ගොඩක් මහන්සි වෙනවා... බනී කොන් වෙනවා ක්ලාස් එකෙන්... ඔයා දන්නවනෙ... එයාටත් වෙන යාලුවො නැහැනෙ... එතකොට අර හා පැටව්න්ගෙ හරාබොජී... එයත් අහනවා ඔයා ගැන... එතකොට මං?... මන් පිස්සෙක් වෙයි දෙයියනේ..."

මන් හිතේ දුක යනකම් කවදාවට් නැති විදිහට කෑ ගහලා ඇඩුවා... තෙත් වෙලා ශර්ට් එක ඇගට ඇලිලා උගුර බැරැන්ඩි වෙනකම්ම මම ඇඩුවා...

IT'S YOU | ONGOING Where stories live. Discover now