🌸Chapter 15...🌸

70 25 19
                                    


"ප්‍රවේශම් වන්න🥺..."

යුන්ජි කිව්වෙ ඇස් වල කඳුළු පුරවගෙන...

යුන්ගි සොක්ජින් එක්ක එලියට ගිහාම යුන්ජි ඇස් වල කඳුළු පිහිදගෙන මගෙ පැත්ත හැරුනා...

"ඔබ නම් ඔහුට වැඩි කැමැත්තක් නැති හැඩයි🤭... එහෙත් ඔහු ඇතුලින් ඉතාමත් ආදරණීය වගේම හොඳ පුද්ගලයෙක්😊..."

මන් එයා දිහා බැලුවේ පුදුමයෙන්... ඇත්තනේ ඉතින්... මන් යුන්ගිට කැමති නෑ තමයි😒😌...

"ඇයි ඔබ හඬන්නේ?..."

"මට බයයි ඔහුගේ ජීවිතය ගැන..."

"වේ?..."

"ඔහු මීට පුරහඳ දෙකකට පමණ ඉහතදී මරණාසන්න කඩු පහරවල් වලට ගොදුරු උනා... ඔහුගේ ඇස ළඟ තිබෙන කැළල ඊට සාක්ෂියි..."

යුන්ජි එහෙම කියලා අයෙමත් අඬන්න ගත්තා... ඇත්තම කතාව එයාගේ අනිත් බාගෙට මොනවහරි වෙනකොට එයාටත් රිදෙනවා ඇති...

"අනේ මට කමා කරන්න... ඔබේ සිත පෑරීමට සිතුවේ නැහැ🥺..."

"එය කමක් නැහැ... අපට හැකියි හොඳ මිතුරන් වීමට😊..."

"මන් කැමැතියි😁..."

______________________________

"නාම්ජූනා... ලැප් එකේ මොකුත්ම නැති පාටයි..."

"හොබී... එයාගේ කාමරේ මොකුත් තිබ්බෙ නෑ..."

"නාම්ජූනා අද හවසට යමු CCTV චෙක් කරන්න තියෙනවා..."

"හොබී කෝල් එකක්..."

"නාම්ජූනා... පලයන්... අන්න ආන්ටි අසනීප වෙලා..."

"මන් යනවා හොබී..."

"හනී... මට නම් මේක තාමත් විශ්වාස නෑ... දෝයෝ එයාගේ ජීවිතේට මොනවහරි කරගන්න තරම් මෝඩ ළමයෙක් නෙමේ..."

"දැනටම බලන්න පුතා හැසිරෙන්නෙ පිස්සෙක් වගේ... අනේ දෙවියනේ මගේ දරුවට මොකද උනේ🥺?..."

මේ දවස් දෙකටම ගෙදර ඇහුනේ ඔය වගේ දේවල්... මිසිස් කිම් අසනීප උනා... තාමත් කිසිම තොරතුරක් නෑ දෝයෝ ගැන...

"නාම්ජූනා වරෙන්... ඉක්මන් කරමු..."

හොබී නාම්ජූවත් ඇදගෙන ගියේ CCTV චෙක් කරන්න... හැමතැනම CCTV චෙක් කරත් ඒ එකකින්වත් වැඩ උනේ නැහැ... ඒවයි දෝයෝ පාර දිගේ ඇවිදගෙන යනවා දකිද්දී නාම්ජූන්ගේ පපුව පිච්චිලා ගියා... ඒත් අවශ්‍ය තැන cctv තිබ්බෙ නෑ...

"ෂිට්😡..."

නාම්ජූන් කාර් එකේ රෝදෙට පයින් ගැහුවේ කේන්තියෙන්...

"බයවෙන්න එපා නාම්ජූනා දෝයෝ අනිවාරෙන්ම කොහේ හරි ඇති... මුළු කොරියාව පුරාම එයාව මේ දැනුත් හොයනවා..."

හොබී එහෙම කියපු ගමන් නාම්ජූන් හොබිව බදාගෙන මෙච්චරකල් හිතේ හිර කරන් හිටපු වේදනාව කඳුළු විදිහට දිය කරලා යැව්වා...

"උඹ දන්නවනේ මන් මෙච්චර කාලයක් දෝයෝව පරිස්සම් කරේ මලක් වගේ😭... "

"මන් දන්නවා දෝයෝ තමයි මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල... එයා ගොඩාක් පින් කරලා ඇති උඹ වගේ ඔප්පෙක් ලබන්න🥺..."

"මොකෙක්හරි අතින් මගේ කෙල්ලව විනාස උනොත් මන් මෙච්චර කාලයක් කෙල්ලව පරිස්සම් කරපු එකෙන් වැඩක් නෑ හොබී😭😭..."

නාම්ජූන්ගේ හිතේ පිච්චි පිච්චි තිබුණු වචන ටික එලියට දැම්මම හොබී මොහොතකට නාම්ජූන් ඉදිරියේ නිරුත්තර උනා...

"හරි හරි බයවෙන්නෙපා... අපි එයාව හොයාගමු කොහොමහරි... දෝයෝව කව්රුහරි kidnap කරලනම් මන් ඌට ඉන්න දෙන්නේ නෑ නාම්ජූන්😡..."

"අනේ හොබී මට ඉන්නෙ එච්චරයි බන්😭😭..."

"දෝයෝ අහිංසකයි ඕනෙවටත් වඩා... දොයෝට නපුරු කමක් කරනවට උඩ ඉන්න කෙනා උනත් කැමති වෙන එකක් නෑ🥺..."

හොබී කිව්වෙ විශ්වාසෙන්...

"ආ?..."

"දෝයෝ කියන්නේ වැස්සට කොයිතරම් ආදරේ ළමයෙක්ද?... සත්තුන්ට කොච්චර ආදරේද?... අනිත් අය වගේ නෙමේනේ දෝයෝ ලඟට සර්පයෙක් ගියොත් ඌ හීලෑ වෙන්නෙ නැද්ද?... එයාට ගහකොළ පවා ආදරෙයි... දොයෝට වැරද්දක් වෙන්න ස්වාභාවධර්මය උනත් ඉඩ දෙන එකක් නෑ🥺😊... "

හොබී කිව්වෙ ඇත්ත... සත්තුන්ව හීලෑ කරගන්න පුළුවන් කමක් දෝයෝට උපතින්ම පිහිටලා තිබ්බා... ඒ සතා මොකෙක් උනත් උගේ සයිස් එකවත්, කොච්චර විසද බයානකද කියන එක දෝයෝට අදාළ උනේ නෑ...

"හ්ම්ම්... අපි යමු..."

නාම්ජූන් හොබීගේ කතාවෙන් ශක්තිමත් වෙලා ආයේ ආවෙ ගඟ ලඟට... ඒත් එතන කෙනෙක් හිටියා... එයා නාම්ජූව දැක්ක ගමන් කලබල වෙලා යන්න හැදුවේ... ස්කූල් යුනිෆෝම් එක දැක්ක ගමන් නාම්ජූන්ට එයාව මතක් උනා...

"ඔයා... නේද එදා ස්කූල් එකේදී මට හම්බුනේ?..."

නාම්ජූන් කල්පනා කරකර ඇහුවා...

"ආ...මේ..."

"කමක් නෑ... ඔයා ඇයි මෙතන ඉන්නෙ?..."

IT'S YOU | ONGOING Where stories live. Discover now