කන්ග් කියන්නෙ හෙන පත සයිස් එකේ බොඩියකට හිමිකම් කියන අවුරුදු විසි හතරක විතර පොඩි කොල්ලෙක්... ගෙදරදි වගේම දෝයොවත් එක්කගෙන කොහෙහරි යද්දි දෝයෝ, කන්ග් දෙන්නා තමා සෙට් වෙන්නෙ... ඕනෙ අසික්කිත වැඩකට හා තමා... දෙන්නා එකතු උනාම මල යුද්දයක්... කන්ග් ගෙ වැඩේ ඉතින් දෝයොව බයිට් එකට ගන්න එක තමා... දෝයොගෙ වැඩේ කන්ග්ව රස්තියාදු කරවලා වද දෙන එක... ඒත් මේ දෙන්නම නටලා නටලා හති වැටුනු දවසක් හොයන්නම බැරි තරම්..."ආහ් ඒ කතා වැඩක් නෑ... කන්ග්... මම කැෆ්ටේරියා එකට යනවා... මිස්ටර් ලීට කියන්න මගෙ කැබින් එකේ ටේබල් එක උඩ තිබුනු ෆයිල්ස් ටික සෙකට්‍රිට දෙන්න කියලා..."
"අරස්සෝ බොස්..."
දෝයොගෙ ඔලුවටත් තට්ටුවක් දාපු කන්ග් එතනින් ගියේ දුවලා... මිනිහා ඔහොම තමයි... හෙන කදයා වගේ හිටියට කන්ග්ගෙ මනසත් තාම පරිනත නෑ... මන් කන්ග්ව තියාගෙන ඉන්නෙත් මොකෙක් හරි ඇන කොටාගන්න කියලා ආවොත් කන්ග්ව දැකලා එතනම ඒ මනුස්සයා කොර වෙලා යන හින්දා...
"මොනවද දෝයො කන්නෙ?..."
"ඔප්පා කන දෙයක් ඕඩර් කරන්න..."
"ම්ම්... බලමුකෝ..."
වේටර් බෝයි කෙනෙක් මන් ලගට එන්න හදද්දි එයාට එන්න එපා කියලා මන්ම ඕඩර් එක දාන්න ගියා... දෝයො කැමති කෑම ජාති ගොඩාක් අරගෙන අර වේටර් බෝයිගෙ උදව්වෙන් මම ඒවා අරගෙන ආවත් දෝයො ටේබල් එක ගාව හිටියෙ මූන අකුලගෙන වගේ...
"මොකෝ අව්ල?..."
"ඔ... ඔප්පා අනේ ඔප්පගෙ ඔෆිස් රූම් එකට යමුද..."
"මොකක් හරි ප්‍රශ්නයක්ද දෝයො?..."
මනෙ එහෙම අහද්දි දෝයො වට පිට බැලුවෙ ටිකක් අපහසුවෙන් වගේ... මාත් එක්ක ආපු නිසා කැෆ්ටේරියා එකේ හිටපු ගොඩාක් අයගෙ ඇස් දෝයොගෙ පැත්තට හැරිලා තියෙන විදිහ මන් දැක්කෙ දැන්...
"ම්ම්... හරි අපි එහෙනම් යමුකෝ..."
මන් දෝයොව එක්කන් මගෙ ඔෆිස් රූම් එකට යද්දි වේටර් බෝයි අපේ පස්සෙන් කෑම ටික අරගෙන ඔෆිස් රූම් එකට ආවා...
"සර්... මේවා?..."
"ඔය ටේබල් එකෙන් තියන්න..."
එයා ඒක තියලා මටත් ඔලුව නවලා යන්න හැරෙද්දි මන් එයාට කතා කරා...
"හියර් ඉස් යුවර් ටිප්..."
මන් යෙන් දාහක කොලයක් වේටර් බෝයිගෙ අතේ ගුලිකරේ ඒ අත් වෙව්ලනකොට...
(රුපියල්=යෙන්🙂)
"තැ... තැන්කියු සර්..."
එයා ඒකත් අරගෙන හනි හනිකට ආපහු ගියා... මගේ කම්පැනි එකේ ගොඩාක් හිටියෙ දුප්පත්, දක්ශ ලමයි... දුප්පත් ඒ වුනත් දක්ශ එම්ප්ලෝයීස්ලා... මන් හැම කෙනෙක්වම ජොබ් එකට ගත්තෙ කොලිෆිකේශන්ස් බලලා නෙමෙයි... එයාලා මාසයක් වැඩ කරන විදිහ බලලා... ඒ නිසාම එයාලා මහන්සි වෙලා වැඩ කරනවා... කොලිෆිකේශන්ස් බලනවා සකන්ඩ් ක්ලාස්, ෆර්ස්ට් ක්ලාස් කව්රු හරි ජොබ් එකට ආවහම...
"දෝයෝ... ඔප්පට පොඩි වැඩක් තියෙනවා... මන් ඒකට ගිහින් එන්නද?... මට පැය බාගයක් ඇති..."
"හ්ම්..."
මන් කිව්වහම දෝයෝ ඔලුව වැනුවා...
"මන් ඔයාට බොන්නත් මොනවා හරි කන්ග් අතේ එවන්නම්කො හරිද?... මොනවා හරි ඕනෙ වුනොත් කන්ග් එලියෙ ඉන්නවා... කතා කරලා ඉල්ලගන්න... ක්ලෝසෙට් එකේ ඇදුම් ඇති... මහන්සි නම් වොශ් එකක් දාගෙන පොඩ්ඩක් නිදා ගන්න හරිද?..."
"අරස්සෝ ඔප්පා..."
දෝයෝ ඔලුව වනද්දි මන් එලියට ආවා... මගේ ඔෆිස් එකට ඇටෑච් කරලා රූම් එකක් තිබ්බා... ඒකෙ බාත්රූම් එකක්, ටීවී එකක් වගේ කාමරේක තියෙන්න ඕනෙ හැමදේම තිබුනා...
"කන්ග්..."
"බොස්?..."
"දෝයොට ස්ට්‍රෝබෙරි මිල්ක් බොට්ල්ස් දෙකක් ගෙනල්ලා දෙන්න මාශ්මිලෝ පැකට් එකක් එක්ක..."
"ඕකේ බොස්..."
"ඕක ඉක්මනට අරගෙන එන්න... මන් එතකම් මෙතන සිකියුරිටි එකට කෙනෙක්ව එවන්නම්... ඔයා ආවට පස්සෙ එයාව යවන්න... ඇතුලට යන්න කලින් කතා කරලා යන්න... මන් කිව්වා ඕනෙ වුනොත් වොශ් දාගන්න කියලා..."
"දේ බොස්..."
"මන් ඉක්ම්නට එනවා..."
"ඕකේ බොස්..."
මට ඕනෙ උනේ කුකීගෙ ඔම්මව හම්බවෙන්න යන්න... කම්පැනි එකෙන් ඇවිත් මන් කෙලින්ම ගියේ හොස්පිටල් එකට... එතකොටම වගේ තමයි හොබී එලියට ආවෙ...
"කොහෙද ආයෙ යන්නෙ?..."
"දෝයොට බඩගිනී කිව්වා... ඒ නිසා එහෙමම කම්පැනි එකට ගියා... කුකීගෙ ඔම්මව හම්බෙන්න බැරි උනා..."
"දේ... මට දෙයක් කරන්න තියෙනවා නාම්ජූනා... මට පස්සෙ මතක් උනේ..."
"ම්වො?..."
YOU ARE READING
IT'S YOU | ONGOING
Fanfictionවර්තමානයේ සිට අතීතයට... -සොබාදහමට ආදරය කරන සුන්දර කටකාර හුරතල් චරිතයක්... -එම සුන්දර බාවය නිසා ඊරිසියාවෙන් පෙලෙන තවත් යුවතියක්... -ඉහල පෙලේ සමාගමක අයිතිකාර ආදරනීය සහෝදරයෙක්... -සෑම දේ පසුපසම ගොස් සොයා බලන පොලිස් නිලධාරියෙක්... -උරුමක්කාරයෙකු නොමැති...