🌸Chapter 32...🌸

57 21 12
                                    


හිතුවට වඩා ඉක්මනට මම යන දවස ලන් උනා... සොක්ජින් එක්ක මම ගොඩාක් සතුටු උනා... එයාව මන් තේරුම් ගත්තා... අද රෑට මට යන්න තිබුනෙ... මගෙ පපුව කඩාගෙන යනවා වගේ මට දැනුනෙ... යන්නෙ රෑට උනාට අපි අර පන්සලට ටිකක් කලින් යන්න ඕනෙ නිසා සොක්ජින් මට කිව්වා එදා වගේම නිල් පාටින් ලෑස්ති වෙන්න කියලා... අනිත් දවස්වල වගේ නෙමේ... යුන්ජි ඔන්නියි අද මාව ලෑස්ති කරේ... ලා නිල් පාටයි සුදු පාටයි හන්බොක් එකකට එයා මගේ කොන්ඩෙ ගැලපෙන විදිහට ලස්සනට ගොතලා පොඩි පටියක් ගැට ගැහුවා... එයා ඇස් වල කදුලු පිහිද පිහිදයි ඒ වැඩ කරේ... හ්ම්... එයාට දුක ඇති මට වගේම... පස්සෙ එයා මාව සාලෙට එක්කන් ආවා...

"ඔබ ප්‍රවේසමෙන්... අමතක කිරීමට නොහැකි වේවි ඔබව..."

යුන්ජි ඔන්නි අඩන්න ගත්තම මන් එයාව බදාගත්තා...

"ඔබලා කිසි කෙනෙකු මට අමතක කල නොහැකියි... නොදන්නා ලෝකෙක අතරමන් වී සිටින විටදී මට කල උපකාර බොහෝමයි... කුමාවෝ ඔන්නී..."

මන් එයාව තවත් තදින් බදාගත්තා...

"ඔබ මාගේ ලෝකයේ සිටියානම් ඔබ මගේම ඔන්නි වෙනවටයි මගේ කැමැත්ත..."

"හ්ම්... එසේනම් ඔබ යන්න... සුබ ගමන්... සතුටින් ජීවිතය ගත කල යුතුයි... තේරුනාද ඔබට?..."

"හ්ම්..."

ඊලගට හිටියෙ යුන්ගි... මම එයා ඉස්සරහට ගිහින් බෝ කරා...

(කොවිඩ් නෙමි බෝ කරේ හොදේ😫... ආචාර කරා...)

සොක්ජින් ගියා අශ්වයව ලෑස්ති කරගන්න...

"කුමාවෝ... මා දන්නවා මෙතරම් කාලයක් ඔබ කුමාරයා මෙන්ම මාවද ආරක්ශා කල බව... ඔහුව හොදින් රැක බලාගන්න... මම යන්නම්..."

මන් එන්න ආපහු හැරෙද්දිම යුන්ගි මට කතාකරා...

"දෝයෝන්..."

"ආ?..."

"මියානේ... ඔබට පලමු දිනයේදී මා අතින් සිදු වූ කරදර වලට..."

"එයා සිතන්නට එපා... මා ඔබගෙනුත් යමක් ඉගෙන ගත්තානේ..."

"ඒ කුමක්ද?..."

එයා ලස්සනට හිනා වුනා... අම්මොහ් ඒ හිනාව... අදමයි දැක්කෙ... මන් පිස්සෙක් උනා... මොනා කරන්නද සොක්ජින් ඉන්න නිසා වටේ යන්න හොද නෑ... පව් සිද්ද වෙනවා😫...

"නිර්භීතකම හා ලෙන්ගතු කම..."

මන් යුන්ගිට හිනාවකින් සංග්‍රහ කරලා එලියට ඇවිත් කිසිම කතාවක් නැතුව අශ්වයාගෙ පිටට නැගගත්තා... එයත් ඒ විදිහටම අශ්වයව මෙහෙයුවා... ඒත් අපි කැලේ මැද්දෙන් ගියෙව් හෙමීට... අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කරා... එයා හැමතිස්සෙම මාව හිනා ගස්සන්න බැලුවා... ඒ මූනත් හිනාවෙන් පිරිලා තිබුනත් මන් දැනන් හිටියා ඒ හිනාව පිටිපස්සෙ තියෙන වේදනාව... මොකද මාත් ඒක විදිමින් ඉන්නෙ... අපි අර පන්සලට ගිහින් ඒ විල ලගට ගියා... දැන් නම් රෑ වෙලා... මට ඉතුරු වෙලා තිබ්බෙ තව විනාඩි දහයක වගේ පොඩි කාලයක්... ඒ විලට හද එලිය වැටිලා තියෙන නිසා වතුර නිල් පාටින් දිලිසුනා... මගේ ඇස් ව්ලා කදුලු පිරුනා... මම හැරෙන්නෙ නැතුවම ගිහින් විලට අඩිය තිව්වත් ආයෙමත් ඇවිත් සොක්ජින්ව බදා ගත්තා...

"අන්ද්වේ... සොක්ජිනා මට යන්න බෑ😭..."

"දෝයෝ..."

එයා මට කතාකරේ වෙව්ලන කට හඩකින්... මං සොක්ජින්ගෙ පපුවෙ මූන හංගගෙන අඩන්න ගත්තම සොක්ජින් මාව උරහිස් වලින් අල්ලලා පස්සට කරා...මම ඒ ඇස් වලත් කදුලු දැක්කා...

"ඔබ යා යුතුමයි..."

"චේබල් සොක්ජිනා... මට ඔයාව දාලා යන්න බෑ😭..."

"දෝයෝ... ඔබ අද හරිම හැඩයි... මා කැමතියි ඔබේ කොන්ඩ මෝස්තරයට... එයට ඔබව වඩ වඩාත් හුරුබුහුටි ලෙස පෙනෙනවා..."

සොක්ජින් මගේ හිත හදන්න කිව්වත් එයාගෙ කදුලු සොක්ජින්ගෙ පාලනෙන් මිදෙනකොට මන් ආයෙමත් නැවතුනේ ඒ උනුහුම් පපුවෙ...

"දන්නවද?... එවිට මා පහලොස්වන වියේ... යුන්ගි දා හතර වන වියේ... හදිසියෙම ආ සතුරු සේනාවක් මාලිගයට පැමින හොර රහසේ මා,යුන්ගි,මාගෙ සාහෝදරයා වන ටේහ්‍යුන් කුමරු ඇතුලු රජ පව්ලේ සහ රජ පව්ලට සමීප දරුවන් කිහිපදෙනෙකු පැහැරගත්තා... ඔවුන්ට අවශ්‍ය වූයේ මුදල්... අප සිව් මසක් පමන සතුරු රාජ්‍යගේ සිරවී සිටියා... පිය රජතුමා ධනය ලබා දී අපව නිදහස් කරගන්නා විටදී මාගේ මෑනියන් මේ ලොව හැරදමා ගොසින්..."

IT'S YOU | ONGOING Where stories live. Discover now