🌸Chapter 16...🌸

53 23 0
                                    


"මේ...නි...නිකන්... මේ... ඉන්ස්පෙක්ටර් හොසෝක් නේද?..."

එයා හොබී දිහාට ඇඟිල්ල දික් කරලා ඇහුවා...

"ආ...දේ..."

"ම..මම ලීසා..."

"මට මතකයි..."

"මම යන්නම්..."

නාම්ජූන් මොකුත් කියන්න කලින්ම ලීසා එතනින් ගියා... ඒත් හොබී නම් ලීසා දිහා බැලුවේ ටිකක් සැකෙන්...

"ඔයා දන්නවද නාම්ජූන් එයාව?..."

"අනී... එදා දෝයෝව හොයන්න ස්කූල් එකට ගිය දවසෙ තමා මට එයාව හම්බුනේ..."

"ඒ උප නගරාධිපතිගේ දුව..."

"ම්වො?..."

"දේ..."

නාම්ජූන් ගඟ දිහා ඔහේ හිස් බැල්මකින් බලාගෙන හිටියා...

"නාම්ජූන්..."

හොබී කතාකරපු එකට උත්තරයක් විදිහට නාම්ජූන් හොබී දිහාවට හැරිලා හරිම අසරණ විදිහට හිනාවුනා... හොබී ඒ හිනාව තේරුම් අරන් නාම්ජූන්ව එතන තනි කරලා ආපහු වාහනේ ලඟට ආවා... ඇත්තටම නාම්ජූන්ට ඕනෙ උනේ ටිකක් තනියෙම ඉන්න... ගඟ ළඟ දනගහගත්තු නාම්ජූන්ගේ ඇස් වලින් කඳුළු හෝ ගාලා ගලාගෙන ගියා🥺...

"දැන් හැංගිලා හිටියා ඇති නේද දෝයෝ🥺?... ඔයාගේ මාශ්මිලෝ පැකට් එක මන් තාමත් කැඩුවේ නෑ... ඔයා හිටියනම් එක මෙලහට ඉවරවෙලා කියලා මට ෂුවර්... මට ඔයා ගැන බයයි දෝයෝ... කොහෙද ඉන්නෙ ඔයා🥺😭?... ඔම්මා අසනීප උනා... අප්පා ගොඩාක් දුක් වෙනවා... මන් දන්නවා ඔයා මෙතනින් පල්ලෙහාට පනින්න තරම් මෝඩ තීරණයක් ගන්න කෙනෙක් නෙමෙයි... කව්ද ඔයාව තල්ලු කරේ?... එහෙම කරපු කෙනාටනම් මන් හොඳින් ඉන්න දෙන්නේ නෑ... ඔයා හොඳින්ද බේබී😭🥺?... ඔයාගේ ඔප්පට ගොඩාක් බයයි😭... ඉක්මනට ආයේ එන්න... මන් බලන් ඉන්නවා🥺😭..."

නාම්ජූන් කිසිම හැඟීමක් නැතුව ගඟ දිහා බලාගෙන කියවලා ආපහු වාහනේ ලඟට ආවා... නාම්ජූන් සැකකරා කව්රුහරි එයාගේ බිස්නස් හෙටර් කෙනෙක්වත්ද මේ වැඩේ කරේ කියලා... නාම්ජූන් ඒ පැත්තෙන් එහෙම හොයද්දි හොබී මුළු කොරියාවම පීරුවා... ගෙදරදී ඔම්මා අප්පා ඉදිරියෙදි නාම්ජූන් ශක්තිමත්ව හිටියත් හැම මොහොතක්ම එයට දැනුනේ උණුම උණු ලෝදිය හැළියක ඉන්නවා වගේ... ඇස් දෙක පියාගන්න හැම වෙලාවකදීම නාම්ජූන්ගේ ඇස් වලින් කඳුළු වැටුනා වගේම එයා දැනගෙන හිටියා මේ කඳුළු වල අවසානය නෙමේ කියන එක... ඒත් එයා හැමදේම හොඳ විදිහට ඉවරවෙන්න කියලා ප්‍රර්ථනා කරා...






______________________________

සතියකට පසු...

මට මේ සතියට පිස්සු හැදුනේ නැති ටික විතරයි... මට තේරෙන්නේ නෑ මන් මේ විදිහට කොහොම හිටියද කියන්න... යුන්ගියි සොක්ජිනුයි සැරින් සැරේට ආවත් ඒ කිසිකෙනෙක් එක්ක කතාකරන්න තරම් මට කිසිම මූඩ් එකක් තිබ්බෙ නෑ... මන් පොඩ්ඩකට හරි කතාකරේ යුන්ජි එක්ක විතරයි... මගේ බෑග් එකේ ආෆ්ටර් ස්කූල් ඉන්න තියෙන නිසා ගෙනාපු වැඩිපුර ඇඳුමක් තිබ්බා... මන් ඒකම හෝද හෝද තමා ඇන්දේ... යුන්ජි මට එයාගේ හන්බොක් එකක් දුන්නට එක හෙන ලොකුයි... ඇත්තම කිව්වොත් මන් හිටියෙ මේ දැන් උඩින් කඩන් වැටුණු විදිහට... මන් ළඟ ඇඳුම් නෑ... කෑම නෑ... සපත්තු නෑ... ඔම්මා නෑ... අප්පා නෑ... ඔප්පා නෑ... අඩුගානේ සල්ලිවත් නෑ... නෑ මන් ළඟ සල්ලි තියෙනවා... මේ කාලෙට ගැලපෙන සල්ලි නෑ... ඒ එකක්වත් ඕනෙ නෑ කියමුකෝ යුන්ජි මට කොහෙවත් යන්න ඉඩ දුන්නෙ නෑ... කොටින්ම කිව්වොත් මන් හිටියෙ එයාගේ කාමරේමයි... එයාලයි ගෙදර තිබුනා උණු දිය තටාකයක්... මන් ගොඩාක් වෙලා ඒකෙ බැහැලා ඉඳියා... ඇත්තම කිව්වොත් මන් ගොඩාක් ශොක් වෙලා හිටියෙ... ඒ නිසාම මන් ගොඩාක් ඇඬුවා... ඔහේ බලාගත්තු අත බලාගෙන මන් හිටියෙ ඇවිදින මළමිනියක් ගානට😥...

"දෝයෝන්... මෙය අනුභව කරන්නකෝ... ඔබ අසනීප වේවි ආයෙමත්🤧..."

යුන්ජි මගේ උරහිසට අතක් තියලා කිව්වෙ උදේ කෑම ගැන...

"අන්ද්වේ ඔන්නි... බඩගිනි නෑ🙂..."

ඇත්තටම මගේ හිතේ වේදනාව නිසා මට බඩගින්නක් දැනුනේම නෑ...

"දෝයෝන්..."

"චේබල් ඔන්නි..."

"අනී... ඔබ මෙය සම්පූර්නෙන් අනුභව කර අවසන් වන තුරු මා මෙහිම රැඳී සිටිනවා..."

"හ්ම්ම්..."

මන් යුන්ජි ඔන්නිට බෑ කියන්න බැරි කමට පොඩ්ඩ පොඩ්ඩ කන්න පටන් ගත්තා...

"මා හට ඔබේ වේදනාව නොවැටහෙනවා නොවේ... එහෙත් ඔබ මෙලෙස ආහාර නොගෙන අසනීප උවහොත් කිසිවක් කල නොහැකියි... ඒ නිසා ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සිතිය යුතුයි...ම්ම්?..."

IT'S YOU | ONGOING Where stories live. Discover now