🌸Chapter 17...🌸

60 23 0
                                    

යුන්ජි ඔන්නි මගේ මූනට වැටිලා තිබුණු කොන්ඩෙ එකතු කරලා පොඩි රෙදි පටියකින් බැන්දා...

"අද සවස් වරුවේ සොක්ජින් කුමරු සමග යුන්ගි පැමිණේවි අප දෙදෙනාව කැටුව යාමට..."

"වේ?..."

"ඔබ පවසන ආකාරයට ඔබේ තත්වය මා හට තේරුම් ගත හැකියි... ඒත් ඔබට හැකිවේවිද මා හට එලෙස ඔබ දන්නා තවත් දේවල් කියාදීමට?..."

"හා..."

මන් කටේ කෑම පුරවගෙනම ඔලුව වැනුවා..."

"සොක්ජින් කුමරු හා යුන්ගි සමග අප අද පිටත් වන්නේ කඩපිලටයි... අද නගරය කොනේ සැණකෙළියක් තිබෙනවා... ඔබ කැමති වේවි එය නැරඹීමට... අනෙක ඔබට සැමදාමත් මේ වස්ත්‍ර වලින් සැරසී සිටීමට නොහැකියිනේ... අපි යමු ඔබට සළු මිලදී ගැනීමට😁..."

"එහෙත් ඔන්නි... මා ළඟ එයට වැයකිරීමට එකදු කාසියක්වත් නැහැ🙂..."

"අනුවන කෙල්ල😂... ඔබ සිතා සිටින්නේ සොක්ජින් කුමරුට කාසි නෑ කියාද?... ඔහු මේ රටේ රජතුමාගේ වැඩිමහල් පුත්‍රයා😂..."

"ඒත්..."

"ඔබ එය ගැන සිතන්නට එපා... ඔහුගේයි අදහස... සොක්ජින් කුමරු ඉතාමත් කරුණාවන්තයි... "

"ඒත් එවිට යුන්ගි ඔහුට දොස් නගාවී නේද?..."

"කිසිවිටෙකත් නැහැ... සොක්ජින් ඔබට සළු පිලි රැගෙන දෙන විට යුන්ගි මා හට සළු පිලි රැගෙන දේවි🤭..."

යුන්ජි ඔන්නි දඟ විදිහට හිනාවෙලා කිව්වම මටත් හිනාගියා... මට මතක් උනේ ඔප්පාව... මන් ගොඩාක් වෙලාවට ඔප්පගේ කාඩ් එකෙන් හොරාට ගත්තෙ කෑමවර්ග විතරයි... මේ හැමදේම මැදින් ටික ටික වෙලාව ගියා... අද දවසවත් කවද්ද කියලා කියන්න මන් දන්නෙ නෑ... ඒත් මේ නගරයට පුදුම රස්නයක් තිබුණේ... අවරුදු දෙකකින් වැස්ස ලැබිලා නෑ කියලා තමා යුන්ජි ඔන්නි මට කිව්වෙ... ඒක ඇහුවමනම් මගේ මුළු ඇඟම මොකද්ද වෙලා ගියා... දෙය්යනේ එතකොට මට මෙහෙට ඉන්න වෙන්නෙ අඩු තරමේ වැස්සවත් නැතුවද?... ඒත් වතුර නම් තිබුනා... රටේ මැද හරියේ වගේනම් මිනිස්සු වතුර නැතුව මැරෙනවා කියලත් මට යුන්ජි ඔන්නි කිව්වා...

"යුන්ජි දෝයෝන් සමග පැමිණෙන්න..."

මන් හරිනම් මට එළියෙන් ඇහුනෙ සොක්ජින්ගෙ කටහඬ... මන් ඒක ගණන් ගත්තෙ නැතුව ඔහේ කාමරේ බිත්තියක් දිහා බලන් හිටියා...

"දෝයෝන්... පැමිණෙන්න අප යා යුතුයි..."

යුන්ජි ඔන්නි මගේ අතකින් ඇදගෙන එලියට එක්කගෙන ආවා... ඇත්තටම මේ ගෙදර නිකම් අපේ ගෙදර සයිස් වගේමයි... ඒත් පුදුම ලස්සනක් තිබ්බෙ... මන් පලවෙනි වතාවට මොන්ඩිසෝරි යන පොඩි එකෙක් වගේ යුන්ජි ඔන්නිගේ පස්සෙ ඇදිලා ගිහින් ඔන්නිගේ පිටේ නහය හප්පගෙන නැවතුනා... යුන්ගි සොක්ජින් එක්කම එලියට යද්දී යුන්ජි ඔන්නිගෙ පස්සෙන් මාත් ගියා... ඒත් පොලවට අඩිය තියද්දීම මට මතක් උනේ සපත්තු දෙකක් නෑ කියලා... ඒත් මට ඒක පෙන්නන්න ඕනෙ උනේ නෑ... යුන්ගි නම් මන් දිහා බලලා නක්කලේට හිනාවෙනවා මන් දැක්කා😏😒... හවස් උනාට තාමත් හුඟක් අව්වයි... පොලව නම් වතුර නැතුව හොඳටම වේලිලා තිබ්බෙ...රතු පාටට හුරු දුඹුරු පාට තද බොරළු මගේ කකුල් වල ඇනෙද්දි ටිකක් රිදුනා... ඒත් මන් ගණන් ගත්තෙ නෑ😒... බිම අඩිය තියන්න බැරි තරමට පොලව හිටන් රත් වෙලා තිබ්බෙ... මන් දැක්කා මන් එලියට එද්දී ඒ ගෙදර හිටපු මේඩ්ලා වගේ අය මගේ දිහා අමුතුවට බැලුවා😒... මන් ඇඳන් හිටියෙත් ලූස් පෑන්ට් එකකට නිකන් ටී එකක්... මිදුලේ අශ්වයෝ දෙන්නෙක් හිටියා... මට උන් දෙන්නව දැක්කහම හැමදේම අමතක වෙලා ගියා... මන් ඉක්මනට උන් දෙන්නා ලඟට දුවගෙන ගියා... මන් එයාලව අතගෑවේ හරි ආදරෙන්... ඒ දෙන්නත් තව තවත් මගේ ලඟට ආවෙ තව ආදරේ ඉල්ලගන්න වගේ🙈🤭...

"කොහොමද පැටියෝ🤭🙈..."

මන් ඒ දෙන්නගෙන් අහද්දී එයාල ඔලු වනලා පොඩි සද්දයක් දැම්මේ මාව හෙන කාලෙක ඉඳලා අඳුරනවා වගේ... මන් දෙන්නගේ හොම්බ අතගාලා මෙහාට උනේ අර මනුස්පයෝ තුන්දෙනා මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා දැකලා😒...

"අවසානද😳🤨?..."

යුන්ගි මගෙන් අහද්දී මන් ඔලුව වැනුවෙ බිම බලාගෙන... යුන්ගි යුන්ජිට අශ්වයාගේ පිටට නගින්න උදව් කරා... යුන්ජිව නග්ගගෙන එයත් යුන්ජිගේ පිටිපස්සෙන්ම නැගගත්තා...


IT'S YOU | ONGOING Onde histÃŗrias criam vida. Descubra agora