🌸Chapter 33...🌸

49 20 10
                                    


"මාගේ මෑනියන් මෙලොව හැරදමා යාමට හේතුව වූයේ සාන්කාවයි... එනිසා ඔබ ආපිට යා යුතුමයි දෝයෝ..."

"සො...සොක්ජිනා😭?..."

"දේ... මා ඔබේ මතක සමග ජීවත් වෙන්නම් සැමදාටම..."

"මමත්😭..."

"ඔබේ කාලය අවසන් වීමට පෙර ඔබ යා යුතුයි... දැන් එයට කාලය එලඹිලා..."

"හ්ම්... මතක් වේවි සොක්ජිනා... අමතක කිරීමට නොහැකි වේවි😭..."

"මෙය අපේ දෛවය දෝයෝන්... ඔබ කොහි සිටියත් ප්‍රවේශම් වන්න... ම්ම්?..."

සොක්ජින් මගේ ඔලුව අතගෑවේ ආදරෙන්... මන් වයින් වෙලා වගේ ඇස් වල කදුලු පුරවගෙන කටත් තදකරගෙන ඔලුව උඩට පහලට හෙලෙව්වා... සොක්ජින් එයාගෙ තොල් මගේ නලලට තදකරා... මට දැනුනෙ ලොකු ආරාක්ශාවක්...

"සරන්ග්හේ දෝයෝ..."

"නාදෝ... කුමාවෝ සොක්ජිනා මට ආදරේ කරාට... මාව හොදින් බලාගත්තට😭..."

අපි දෙන්නා ටික වෙලාවක් එකිනෙකා දිහා බලාගෙන හිටියා... මන් වගේම එයත් දකින අන්තිම වතාව මේක... මට ඕනෙ උනා ඒ රූපෙ, කටහඬ මගේ හිතේ ඒ විදිහටම තියාගන්න... මන් විලට බැහැලා අඩියෙන් අඩිය පස්සට ගැඹුරට ගියේ කදුලු පිරුනු ඒ අවංක ඇස් දිහා බලාගෙනමයි... මගේ හුස්ම වතුර එක්ක එකතු වෙද්දි අන්තිමට මට මැවිලා පෙනුනෙ සොක්ජින්ගෙ ආදරනීය හිනාව...



_________________________

"ශිට්... මේ බැල්ලි... මට සැක හිතුනා මුල ඉදලම..."

මන් පුටුවකට ප‍යින් ගැහුවෙ කේන්තියෙන් ඇස් වල කදුලු පිරීගෙන එද්දි...

"කාම් ඩවුන් කාම් ඩවුන් නාම්ජුනා... අපේ කෙල්ල ජීවතුන් අතර... ඒ නිසා බයවෙන්න එපා... එයාව අපි හොයාගමු..."

"හොයාගමු?... කොහොමද?... කොහෙන්ද?... කොහොමද එයා දෝයොව එහෙම... ආයිශ්..."

මන් අත් දෙකෙන්ම මගෙ කොන්ඩෙ ඇදගත්තෙ හිතේ තිබ්බ කේන්තියට...

"තවත් කොච්චර කල් ඉවසන්නද හොබී?... දැන් මාස තුනකටත් කිට්ටුයි..."

"මට උඹගෙ වේදනාව නොතේරෙනවා නෙමේ නාම්ජූන්... මෙහෙ වරෙන්..."

"කොහෙද?..."

IT'S YOU | ONGOING Where stories live. Discover now