Episode 1

1.1K 135 2
                                    

"ටැක්සි එකක තමයි දැන් යන්න වෙන්නෙ..හොද වැඩේ මටත් මුරන්ඩු වැඩ කරනවට..."

අවුරුදු හතරකට පස්සේ...හ්ම්ම්ම් මන් මේ කොරියාවට අඩිය තිබ්බේ අවුරුදු හයකට පස්සේ..

ප්‍රාර්තනා කරන්නේ එක දෙයයි..ආයෙම මගේ අතින් කිසිම වැරැද්දක් නොවෙන්න කියලා...

පාක් මින්ජි..මෙච්චර කාලයක්..මෙච්චර කාලයක් කිව්වට අවුරුදු හයක් හිටියේ ඉතාලිවල ජොනතන් අන්කල් එක්ක..
ජොනතන් කියන්නේ මින්ජිගේ අප්පගේ යාලුවෙක්..

අවුරුදු හතේදි තමයි මින්ජි මුලින්ම ඉතාලි ගියේ.ඊටපස්සේ ආයෙමත් කොරියා ආවේ ඉතාලි ඉන්න බෑ කියලා.. ඉතාලිවල ඉදන් ආවේ ආයෙ ඉතාලි නොයන්න බලාගෙන ඒත් වෙච්ච පොඩි සිදුවීමක් නිසා මින්ජි ආයෙමත් ඉතාලි ගියේ කොරියාවට නොඑන්න හිතාගෙන..ඒත් ඒ තීරනේ අද වෙනස් වෙලා..
මින්ජි ආයෙමත් කොරියාවට ආවා තමන්ගේ අප්පා නිසා..

අප්පා..පාක් හන්සෝ කියන්නේ මින්ජිගේ අප්පා..සොෆ්ට්වෙයා කම්පැනි එකක අයිතිකාරයෙක්..මහලොකු කම්පනි එකක් නොවුනත් තමන්ගේ දරුවෝ දෙන්නට උගන්නලා හොද තැනකට ගේන්න පුලුවන් කමක් මේ කම්පනි එක නිසා පාක් හන්සෝට පුලුවන් වුනා.

ජීවිතේ තියෙන තුරාවට එන්නේ නෑ කියලා හිතාගත්තු රටට එන්න වෙච්ච එක ගැන තරහෙන් හිටපු මින්ජි තමන්ගේ අප්පා බුක් කරලා තිබුන ෆලයිට් එකේ නැතුව ඊට කලින් තිබුන ෆලයිට් එකක ආවේ හිත්වක්කාරකමට..මින්ජි හිතුවක්කාරයි..ටිකක් නෙවෙයි ගොඩාක්..

මින්ජිට මොහොතකට අමතක වුනා ජිවීතේ ලොකුම රැවටීම වුනේ මේ රටට අද වගේම දැන් අවුරුදු හයකට කලින් හිතුවක්කරකමින් අඩිය තිබ්බට පස්සේ කියලා...

එයාපෝට් එකෙන් එලියට ආපු මින්ජි කැබ් එකක් කතා කරන් ලොකේශන් දීලා ශීට් එකට බරකරලා ඔලුව තියාගෙන ඇස් පියාගත්තේ කොරියාවට ආපු වෙලාවේ ඉදන් පරන මතක මින්ජිගේ හිත රිද්දවද්දි.

පරන මතක නිසා ඇස්වලට උනන කදුලු නවත්තගන්න මින්ජි නොයෙක් දේවල් කරා.උඩ බලන් හිටියා,වේගෙන් ඇස් පිහාටු ගැහුවා,ඇස් එහාට මෙහාට කැරකැව්වා..

ඇස්වලින් එන්න දගලන කදුලුවලට මින්ජි අවසර නොදුන්නේ තමන්ගෙන් පලිගන්න වගේ.මොකද මින්ජි දන්නවා අඩන්න ඕන වෙලාවෙදි කදුලු හිරකරගෙන හිටියම වරුවකටවත් හොද නොවෙන ඔලුවෙ කැක්කුමක් එයාට හැදෙනවා කියන්න.

MY BUTTERCUP | JJK | ✔Où les histoires vivent. Découvrez maintenant