Episode 12

524 115 15
                                    

"හරි මන් තව ටිකකින් එනවා..."

".................."

"ඔ..පස්සේ මීටින්ග් එකක් ගමු.."

"..............."

"හරි ඔකේ.."

"ඔහොම ඉන්න.."

කෝල් එක අතරතුර පහලට ආපු මින්ජි දැක්ක නිසා මින්ජි දිහාම බලාගෙන කෝල් එකට උත්තර දුන්නේ ඉක්මනට කෝල් එක ඉවර කරන අදහසින්...

ඒත් මින්ජි...

එයාට ගානක්වත් නෑ තමන්ගේ බොස් ගේ ඇතුලේ ඉන්නවා කියලා..

මොකද මින්ජි හැදුවේ කාර් කී එක අරගෙන ඉක්මනට ගෙදරින් යන්න..

ඒත් ඒක මින්ජිට කරන්න බැරි වුනා ජන්කූක් මින්ජිට කතා කරපු නිසා..

"මොකද..?"

"මාත් එක්ක යන්.."

"ආ..?"

"ඇයි..?"

"පිස්සුද..මට වාහනයක් තියෙනවා.මන් ඒකේ එන්නම්..."

මින්ජි කට කොනින් හිනවෙලා කියලා දොරෙන් එලියට ගියේ සාක්කු දෙකට අත් දෙක දාගෙන තමන් දිහා බලන් ඉන්න එයාගේ බොස්ට කිසිම පැකිලීමකින් තොරව...

ඒත් ජන්කූක්...

තොලේ පැත්තක් හපාගෙන එක ඇහිබකුත් ඉහලට උස්සලා සාක්කු දෙක ඇතුලේ තිබුන අත් දෙක මිට මොලවන් බලන් හිටියේ තමන්ගේ කීම සතේකටවත් මායිම් නොකර යන මින්ජි දිහා..

ඊටත් වඩා ජන්කූක් හිතුවේ මින්ජි ඇදන් ඉන්න ඇදුම ගැන..

ඇදුම දිහා බලන්නත් කලින් ජන්කූක්ගේ ඇස් මුලින්ම ගියේ මින්ජිගේ බෙල්ලට කියලා කිව්වොත් මන් හරි..

තද නිල් පාටට හුරු දනිස්සට ටිකක් උඩට වෙන්න ඇදපු ටයිට් ස්කර්ට් එකට කලු උරපට හීනි ස්කිනි එකක් ඇදලා ඒ අවුට්ෆිට් එකට ගැලපෙන බ්ලේසර් එක අතේ රදවන්,

ඇදුමට ගැලපෙන විදියට කලු හීල්ස් දෙකක්,Fossil Q Wander rose gold watch එක,සිල්වර් කලර් පොඩි චේන් එකක් වගේම ලා මේකප් එකක් දාලා කොන්ඩේ French ක්‍රමේට ගොතලා දාලා හිටපු මින්ජිගෙන් ජන්කූක් දැක්කේ ගොඩාක් වෙනස් මින්ජි කෙනෙක්..

"පුදුම මුරන්ඩුකමක්..!!"

බිම බලාගෙන කියපු ඒ වචන ටික ජන්කූක්ට ඇරෙන්න වෙන කාටවත් ඇහුනේ නම් නෑ..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now