Episode 6

519 121 0
                                    

"පුන්චි බේබි..අදත් යන්නේ ජිමින් බේබි එක්කමද..?"

"අපෝ නෑ අජුම්මා!!"

"බේබිට ජිමින් මහත්තයා එක්ක ගියා නම් ලේසියිනේ.."

"නෑ එයත් එක්ක යන්නෙ නෑ..මන් බස් එකේ යන්නේ..දැන් වෙලාව හරි වගේ අජුම්මා..මන් යනෝ.."

"පරිස්සමින් පුන්චි බේබි.."

මින්ජි මේ යන්න හදන්නේ යූහි වැඩ කරන ඔෆිස් එකේ වැඩ කරන්න..

ඉන්ටර්විව් එකට ගිහින් දවස් දෙකකට පස්සේ යූහි කෝල් එකක් දීලා මින්ජිට ජොබ් එකක් හම්බුනා කියලා කිව්වේ මින්ජි එලියට කන්න ගිහින් හිටපු වෙලාවක..

ඒත් කෙල්ලට හම්බුනේ සෙකට්‍රි පෝස්ට් එකක් නෙවෙයි..මින්ජි කරපු රැකියාවම එතන කරන්න බැරිවුනේ මින්ජිගේ නින්ද නිසා..නින්ද ලොකු කරන් හිටපු නිසා මින්ජිට කලින් ඉන්ටර්විව් කරපු ලමයෙක් ඒ කම්පනි එකේ ලොක්කා සෙකට්‍රි පෝස්ට් එකට අරන් තිබුනා..

යූහිගේ ඇදුනුම් කම නිසා හායොන් යූහි හිටිය සයිඩ් එකේ Architect කෙනෙක්ට තිබුන පුරප්පාඩුවක් පිරෙව්වේ මින්ජිට එතන වැඩ භාරදීලා..

මින්ජි අමතරව ඉතාලි ගිහින් ඉද්දි ඉගෙන ගනිපු එකක් තමයි Architect කියන්නේ..ඒකත් මාක් කිව්ව නිසා..

කලින් කරපු ජොබ් එක නැතත් මින්ජිට එතන අමතරව කරපු ඩිග්‍රි එකට සෙට් වෙන ජොබ් එකක්හරි හම්බුන එක ගැන මින්ජි සතුටු වුනා..

මින්ජි උදෙන්ම නැගිටලා ලේස්ති වෙලා ඕන කරන බඩු ඔක්කොමත් අරන් කාලා බීලා ඩයිනින්ග් ටේබල් එක ලගට පුටුවක් ඇදලා අරන් වාඩි වෙලා ඔලුව තියාගත්තේ අජුම්මට 7.45ට නැගිට්ටවන්න කියලා..ඒත් මින්ජිගේ ඇහැ පියවුනේ නෑ විනාඩියකටවත්..ඇස් පියවෙනකොටම නැගිටලා ෆෝන් එක ඔන් කරලා බලන්නේ වෙලාව කියද කියලා..

කොහොමහරි වෙලාව කිට්ටු උනගමන්ම කෙල්ල ගෙදරින් පිටත් වුනේ තමන්ට හම්බුන අලුත් රැකියාව කරන්න.අලුත් කිව්වට මින්ජිට ඒ රැකියාව අලුත්මත් නෑ..ඒත් මින්ජිට Architect ගැන එච්චරම එක්ස්පීරියන්ස් තිබ්බේ නෑ..

බස් එකේ නැගලා ඔෆිස් එක ලගට එන ටයිම් එක ගෙස් කරලා ආව මින්ජිට වෙලාව්ට ඔෆිස් එකට එන්න පුලුවන් උනා..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now