Episode 11

526 119 1
                                    

"යා..හ් නැගිටිනවා..!!!"

"හ්ම්ම්.."

"මන් හොදින් කියන්නේ නැගිටිනවා මන් උස්සලා ගන්න කලින්.."

"ආ...ව්..
හීන පේනවද මට තාම..තමුසෙ මොකෝ.."

මුලු ඇදම බදන් නිදා ගත්තු මින්ජිව අත් ගොබෙන් උස්සලා අරන් ඇදේ වාඩි කරත් මින්ජි නම් හිටියේ තාමත් ඇස් දෙක වහන්.එක පාරට ඉස්සුනේ කොහොමද බලන්න එක ඇහැක් විතරක් ඇරපු මින්ජි ඇස් දෙකම ඇරලා හොදට බැලුවේ හීන පේනවා කියලා හිතලා.

"නෑ මේ වෙලාවෙදි හීන පේනවා අඩුයි මිස් මින්ජි.."

"ජ්-ජන්කූක්..!!!"

ඇවිත් හිටියේ ජන්කූක් කියලා දැක්කම මින්ජි ජන්කූක්ගේ නම කිව්වා නෙවෙයි ජන්කූක්ගේ නම කියලා පුදුමෙන් වගේ කෑ ගැහුවා.

හීනෙකින්වත් නොහිතපු ජන්කූක් තමන්ගේ කාමරේ ඉනට අත් දෙක ගහන් ඉන්නවා දැක්කාම මින්ජි පුදුම වුනා.

ඒත් ජන්කූක් නම් හිටියේ මින්ජි නිසා යකා ආරූඪ කරගෙන...

Few minutes ago in the morning at JGROUP'S office room..

සාමාන්‍ය වෙලාවට කලින් ජන්කූක් ඔෆිස් ආවේ අද ජන්කූක්ගේ කම්පනි එකට වැදගත් මීටින්ග් එකක් තිබුන නිසා වගේම මින්ජිව හම්බවෙන්න තිබුන උවමනාව නිසා..

ජන්කූක්ට උවමනා උනා මින්ජිත් එක්ක කතා කරන්න..ඒත් ඒක අමාරුයි කියලත් ජන්කූක් හොදාකාරවම දැනන් හිටියා..

ඔෆිස් ඇතුලට ගිය ජන්කූක් මින්ජි එනකන් බලන් හිටියත් වෙලාව 9 පහුවෙලත් ආපු නැති නිසා මින්ජිගේ කැබින් එකේ ෆෝන් එකට කෝල් එකක් ගත්තම ඒක ආන්ස්වර් කරේ මින්ජි නෙවෙයි වෙන කෙනෙක්.

මින්ජි අද නැති බවත් ආපු නැති හේතුව අසනීප නිවාඩු දාලා බවත් කිව්වම ජන්කූක් බර හුස්මක් පහලට දාලා කෝල් එක කට් කරේ ඒ කතාව පට්ටපල් බොරුවක් කියලා දන්න නිසා.ඒත් මොහොතකට ජන්කූක්ට හිතුනා හදිස්සියෙවත් ඇත්තටම මින්ජි ලෙඩ වෙලාද දන්නේ නෑ කියලා.

මින්ජිගේ පෝස්ට් එකේ එදා වැඩ කරන්න වෙන ගර්ල් කෙනෙක් එද්දි ජන්කූක් මීටින්ග් එකට අවශ්‍ය ෆයිල්ස් දෙක කම්ප්ලීට්ද බලන්න ෆයිල් දෙකම හෙව්වත් එතන තිබුනේ එක ෆයිල් එකයි.

MY BUTTERCUP | JJK | ✔Onde histórias criam vida. Descubra agora