Episode 15

481 108 9
                                    

"ඕහ්..ජන්කූක්..මොකද මේ..?
සොරි..නෝ අයි මීන් සර්.."

මින්ජි ඇහැරුන වෙලාවෙදි දැක්කේ ජන්කූක් ඉස්සරහා ඉන්නවා කියලාත් ඒ ඇස් වල කදුලු තියෙනවා කියලා විතරයි.

අහන්න ඕන වුනත් මොකද්ද වුනේ ඇයි අඩන්නේ කියලා මින්ජි කැමති වුනේ නෑ ඒකට...

කිසිම දෙයක් නොකියා විනාඩියකටවත් මින්ජිගේ ඇස්වලින් ජන්කූක් තමන්ගේ කදුලු පටලයක් වෙලාගෙන තිබුන ඇස් නොගත්ත නිසා මින්ජිට දැනුනේ අපහසුතාවයක්..

ඉතින් ඒ නිසා මින්ජි හැදුවේ එතනින් නැගිටින්න...

ඒත් නැගිටින්න ගිය මින්ජිව ජන්කූක් ආයෙමත් වාඩි කරේ බර හුස්මක් ගන්න ගමන් බිම බලද්දි..

මින්ජි දැනගත්තා ජන්කූක් ඉන්නේ අවුලක වග..මොකද මන් දන්න තරමින් ඔය මුරන්ඩු කොල්ලා ගැන හොදටම දන්න එකම කෙල්ල මින්ජි තමයි..

ඒත් මින්ජිට ඒ ගැන කලින් වගේ අහන්න බෑ..

අනික මින්ජිට ඒ ගැන අහල දැන ගන්න ඕන වුනෙත් නෑ...

ඉතින් ජන්කූක් කරපු ඒ වැඩේට මින්ජිගේ ඇහිබම ඇකිලුනා..ඒ වගේම ටිකක් තරහා ගියා..ඒ ජන්කූක් එයාව අල්ලපු නිසා...

"එක්සියුස්මි සර්..
මන් මින්ජි..ජියානා නෙවෙයි.."

ඒ කියපු කතාව මොකද්ද අහන්න වගේ බිම බලන් හිටපු ජන්කූක් මින්ජි දිහා බලද්දි මින්ජි කරේ ජන්කූක් අල්ලන් ඉන්න මින්ජිගේ අත දිහා බලලා ආයෙමත් ජන්කූක් දිහා බලපු එක..

හරියට අත මේ විදියට අල්ලන් මොකද්ද කරන්නේ වගේ බැල්මක් තමයි මින්ජිගේ ඇස් වල තිබුනේ...

"සර්..
සර් ආවේ වැඩකට නම් ඒක ඉක්මනට කියලා යනවද සර්..මොකද මන් වැඩ කරන ටයිම් එකට වඩා විනාඩියක්වත් වැඩිපුර ඉන්නේ නෑ.."

කිසි දෙයක් නොකියා තමන්ගේ අතත් අල්ලන් ඉන්න ජන්කූක් එක්ක මින්ජිට තරහා ගියා..

මෙච්චර තමන් කතා කරද්දිත් කට වහන් ඉන්න එකට මින්ජිට තරහා ගියා..

ලන් වෙන්න එපා කියද්දිත් ලන් වෙන එකට මින්ජිට තරහා ගියා...

ඉතින් මින්ජි තමන්ගේ අත ජන්කූක්ගේ පුලුවන් ඉක්මනින් අතෑරගත්තේ ජන්කූක් නොහිතුව විදියට...

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now