Episode 2

644 127 4
                                    

"ආ....හ් ඔලුව....

ආයිශ්...මොන වදයක්ද...ඕෆ් වෙන්නෙත් නෑ....

කවුද මේ එලාම් තිබ්බේ..."

ගෙදර ආපු වෙලාවේ ඉදන් මින්ජි කරේ කාමරේට වෙලා නිදාගත්තු එක.මින්ජිට ඇහැරුනේ නැත්තෙමත් නෑ...ඒත් මින්ජි කරේ ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදාගත්තු එක..

එලාම් එක තිබ්බත් නැතත් මින්ජි හදලා තිබුන ඩේලි වදින එලාම් එකට තමයි මින්ජිට ඇහැරුනේ..

ඇද පුරාම අත යවලා වදින එලාම් එකටත් බැන බැනම එලාම් එක ඕෆ් කරලා නැගිට්ට මින්ජිට්දැනුනේ ඔලුවේ කැක්කුමක් එක්ක ඇස් අමුතුයි කියලා..

ඇස් දෙක අත් දෙකෙන් පොඩි කර කරම තඩි ඈනුමක් ඇරපු මින්ජි ලයිට්ස් ඔන් කරලා බැලුවේ බිත්තියේ තිබුන ඔරලෝසුව දිහා..

"8.00යි...මට නිදිකුමාරයවත් වැහුනද ඊයේ..යකෝ මෙච්චර වෙලා නිදාගෙනනේ.."

මින්ජිගේ ඇස් ඔරලෝසුවේ තිබුන වෙලාව දැකලා උඩ ගියේ ඊයේ ගෙදර ආපු වෙලාවේ ඉදන්ම දැන් වෙනතුරුම නිදාගත්තේ කොහොමද කියලා හිතද්දි.

ඇගේ ඈලි මෑලි ගතිය යනකන්ම එහාටයි මෙහාටයි හැරි හැරි ඉදලා මින්ජි හැදුවේ බාතෘම් එකට යන්න..

"ආ...හ්.. කකුල..මේ මගුල..අම්මපා පැටලෙන්න තැන් තිබුනෙම නැද්ද..අෆ්.."

ඇදෙන් කකුල බිමට දාලා නැගිටිලා බාතෘම් එක පැත්තට යන්න හදනකොටම පෙරවගෙන හිටපු බෙඩ්ශීට් එක පැටලිලා ලග තිබුන බැගේජ් එකෙත් වැදිලා මහන්සියක් නැතුවම වැඩිපුර අඩි කිහිපයක් ඉස්සරහට ගිය මින්ජිට බෙඩ්ශීට් එකත් එක්කත් තරහා ගියා..

බෙඩ්ශීට් එකටත් බැන බැනම අවුල් වෙලා තිබුන කොන්ඩෙට බූල් එකක් දාගෙන බාතෘම් එකට ගියේ මූන හෝදගන්න...
.

.

.

.
"ගුඩ් මෝනිම් පොඩි බේබි.."

"ගුඩ් මෝනිම් අජුම්මා..."

ගෙදර සුද්ද කරන මනුස්සයා පොඩි දරුවෙක් වගේ තාමත් නිදිමත ගතියෙන් ම වැනි වැනි කකුල් විසි කර කර පඩිපෙල බැහැගෙන එන මින්ජිට කිව්වේ හිනාවෙන ගමන්..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now