Episode 21

465 104 7
                                    

මුරන්ඩු මින්ජි ගැන ජන්කූක්ගේ හිතේ තිබුනේ මොකද්ද කියන්න පහු වෙනකොට ජන්කූක්ටවත් හිතාගන්න බැරි වුනා...

ඉතින් ජන්කූක් මින්ජි ගැන තවදුරටත් හිතන්නේ නැතුව තමන් ඉස්සරහට ආපු මනුස්සයෝ එක්ක කතාවට වැටුන..

සූහොන් ජියානා එක්ක කතාවට වැටෙද්දි මින්ජි හිටියේ පාටි එකේ බලන් තියන් ඉන්නවා වගේ හැගීමකින්..

මින්ජිට යන්න ඕන වුනාම නෙවෙයි..ඒත් එයාට තනියෙන් ඉන්න ඕන වුනා..

හේතුවක් නොතිබ්බත් එලියට ගිහින් සීතලේම කල්පනා කරන්න ඕන වුනා...

ඉතින් මින්ජි පාටි එක එන්ජෝයි කරන සූහොන් වගේම ජියානාටවත් නොකියා ගියේ ඒ හොටෙල් එකේ ගාර්ඩ්න් එකට...

හිමින් හිමින් ඉස්සරහටඇවිදන් ගිය මින්ජි රෝසස් වවලා තිබුන හරියක තිබුන බෙන්ච් එකකින් වාඩිවුනා..

තනිකරම රෙඩ් රෝස් වෙච්ච රෝස පදුරු ලයිට් නිසා ලස්සනට පෙනුනා..

ආවට මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි වුන මින්ජි බෙන්ච් එකට අත් දෙක ගහගෙන අත් දෙකට බර දෙන ගමන් අහස දිහා බැලුවා..

හදත් පායලා..
තරු ගොඩාක් අහසේ තියෙනවා...
ඒත් හද ලග අද තරුවක් නෑ...!

මින්ජි අහස දැක්ක ගමන් හිතුවේ ඒක..

අහස ගැන ෆුල් ෆෝකස් දීලා හිටපු මින්ජිගේ මනසේ එකපාරටම ඇදුනේ ජන්කූක්ගේ වෙඩින් ඉන්විටේශන් කාඩ් එක..

"ආ.....හ්!!!!!
මන් ඇයි ඒක ගැන හිතන්නේ...!!"

ඔලුවටත් එකක් ගහගන්න ගමන් ඔලුව දෙපැත්තට හොලවපු මින්ජි එලියට ඇවිත් පලවෙනි වතාවට කතා කරා..

"ඌෆ්.!
වේ..??
ඇයි මට එයාගේ වෙඩින් එක ගැන...මට කොහොමත් එයා ගැන හිතන්න ඕන නෑ..!!"

කොහොම වෙන මාතෘකාවක් ගැන හිතන්න ගියත් අද ජන්කූක්ගේ කැබින් එකේ සෝෆා එක උඩ තිබුන වෙඩින් කාඩ් එක මින්ජිගේ හිතේ තදින් ඇදිලා තිබුනා..

ඕන නෑ කියලා හිතාගෙන හිටියත් මින්ජිට ඇත්තටම ඕන වුනා ජන්කූක් ගැන හිතන්න..

ඒත් මින්ජිගේ මුරන්ඩු හිත ඒකට ලෑස්ති වුනේ නෑ..

ජන්කූක් ගැන හිතන්න යන හැම වෙලාවෙම මින්ජිගේ උඩ හිත කියන්නේ එයා මහ බොරුකාරයෙක් කියන එක විතරමයි...

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now