Episode 22

489 104 18
                                    

"ජන්කූක් අහපන් උඹ හිතන ද්-"

හ්වැන්ග් වෙච්ච දේ පැහැදිලි කරන්න ගියත් ඊටකලින් ඉස්සර වුන ජන්කූක් ආයෙමත් හ්වැන්ග්ට ගැහුවේ තොල පැලිලා හ්වැන්ග්ගේ කටට ලේ රහ එද්දි..

"යා..ජන්ග්කූක් මොනාද කරන්නේ..
ඕක නවත්තන්න..!!!"

ගහන්න උස්සපු අත අල්ලගන්න ගමන් මින්ජි කියද්දි නැවතුන ජන්කූක් ගහන්න උස්සපු අත අල්ලගත්තු මින්ජිගේ අතම කරකවලා අරන් හ්වැන්ග් ලගට යන්න ගිය මින්ජිව ඇදලා ආයෙමත් ලගට ගත්තේ මින්ජි දිහා රතු වුන ඇස්වලින් බලන් ගමන්..

හ්වැන්ග්ට කතා කරන්න තමන්ගේ අතින් ගැලවෙන්න දගලන මින්ජිවත් ඇදන් කාර් එක ලගට ගිය ජන්කූක් මින්ජිව ඇදලා කාර් එක ඇතුලට දාලා සද්දෙන් දොර වැහුවේ මින්ජි ගැස්සිලා යද්දි..

ජන්කූක්ගේ අවධානේ මින්ජිගෙන් ඈත් වෙද්දි ආයෙමත් මින්ජිව මතක් කරේ ටිකකට කලින් එලියට ගියපු ටේහ්‍යුන්ග්..

ඒ තරමට හොදයි මිස්ටර් ජියෝන්ගේ සිහිය..

අතේ තිබුන වයින් ග්ලාස් එක ඉස්සරහට හම්බුන වේටර් කෙනෙක්ගේ ට්‍රේ එකෙන් තියපු ජන්කූක් ඉස්සරහට ගියේ ටේහ්‍යුන්ග් කිව්වා වගේ ගාර්ඩ්න් එකේ ඉන්න මින්ජිව එක්කන් එන්න..

මින්ජිව හොයන් ආපු ජන්කූක් මුලු ගාර්ඩ්න් එකේම මින්ජිව හෙව්වත් මින්ජි හොයාගන්න බැරි වෙද්දි නිකමට හිතිලා ගියේ පූල් එක පැත්තට..

ඒ යනකොටයි දැක්කේ හ්වැන්ග් එක්ක හිනාවෙවී ඉන්න මින්ජිව...

ගොඩ වෙලාවක් තිස්සේ බලන් හිටපු ජන්කූක් කකුල ඉස්සර කරපු හැම වෙලාවෙම හිතුවේ ඔයාට එයා ගැන අයිතියක් නෑ දැන් ජන්කූක් කියලා..

ඉතින් ජන්කූක් ඉවසුවා..කියන දේවල් ඇහුනෙ නැති වුනත් සැරෙන් සැරේට වෙනස් වෙන මින්ජිගේ මූනේ ඉරියව් හැම එකක් දිහාම බලන් හිටියා..

ඉවසීමටත් සීමාවක් තීනවලුනේ..ඉතින් ජන්කූක්ගෙත් ඔය කියපු ඉවසීම පැන්නේ මින්ජිව හ්වැන්ග් ලගට ඇදලා ගත්තු වෙලාවේ...

ඒ වෙලාවේ ජන්කූක් හිටපු තැනින් බැහැලා පූල් එක ලගට ආවේ..

"මාව මරන්නද හදන්නේ ආ..!!"

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now