Episode 24

483 106 13
                                    

ඔලුවට දැනිච්ච බර ගතිය එක්ක නැගිටපු වෙලාව බලද්දි දැක්කේ දැන් වෙලාව උදේ නවයත් පහුයි කියලා..

ඊයේ පාටියට ඇදන් ගිය ඇදුම තාමත් ඇගේ තීන විදියෙනුයි තමන් ලගින් ආපු ඇල්කොහොල් ගද නිසයි මින්ජි නහය අකුලගත්තේ ඔලුව කසන ගමන්...

ඊයේ මින්ජි ගෙදර එනකොට වෙලාව පාන්දර තුනත් පහුයි..

නිකමට රෑ මැද ඇහැරුන ජිමින් එලියට ආවෙ ආපු කෝල් එකට උත්තර දෙන්න. ඒ වගේම කෝල් එක ආන්ස්වර් කරන ගමන් මේන් ඩෝර් එක ඇරන් එලියට යද්දි..

ඒ වෙලාවෙයි ජිමින් දැක්කේ තව වෙනතුරුත් මින්ජි කාර් එක තමන්ගේ වත්තට දාලා නෑ කියලා..ඒත් එක්කම ජිමින් ගියේ මින්ජිගේ කාමරේට.මොකද ජිමින් හිතුවා කාමරේ මින්ජි ගෙදර ඇවිත් නිදි ඇති කියලා...

ලයිට් එකක්වත් නොදා තිබුන මින්ජිගේ කාමරේ ලයිට්ස් ඔන් කරපු ජිමින්ට දකින්න පුලුවන් උදේ හදපු විදියටම තියලා තිබුන ඇද විතරයි..

ඒකෙන් ජිමින් තේරුම් ගත්තා තව වෙනතුරුත් මින්ජි ඇවිත් නෑ කියලා..

ඒ නිසාම පහලට ගිය ජිමින් තව ටිකකින් මින්ජි ඒවි කියලා හිතලා පහලට ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා හිටියේ මින්ජි ආවොත් බලාගන්න පුලුවන් නිසා..

ම්හ්..පැයක් යනකනුත් මින්ජිගේ හෙවනැල්ලක සේයාවක්වත් ගෙදරට වැටෙන්නේ නැති වෙද්දි ජිමින් හැදුවේ මින්ජිට කෝල් එකක් ගන්න..තමන්ගේ ෆෝන් එකෙන් යන කෝල්ස් කොහොමත් ආන්ස්වර් කරන්නේ නෑ කියලා දන්න ජිමින් දුවලා ගියේ නිදන් ඉන්න යූහිගේ ෆෝන් එක ගන්න..

කෝල් කරත් මින්ජිගේ ෆෝන් එක ඕෆ් කියලා කියනකොට ජිමින් මින්ජිට ගන්න එක නවත්තලා ඊලගට ගත්තේ ජන්කූක්ට..

මොකද ජිමින් දැනන් හිටියා ඊයෙ මින්ජි ජන්කූක් එක්ක පාටි එකකට ගියා කියලා..

වෙඩින් එකේ වැඩ කට ලගටම වැඩි වෙනකන් ඒ ගැන හොයලා නොබලපු ජන්කූක් තමන්ගේ අප්පාගෙන් ආපු එක කෝල් එකට වේරෝන් හොටෙල් එකට ගියේ දැනටමත් වෙන වැඩ ටික බලන්න..

මොකද ජියෝන් පවුලේ ඊලග උරුමක්කාරයා වෙච්ච මිස්ටර් ජියෝන්ගේ එකම පුතා වුන ජන්කූක්ගේ විවාහය තව දවස් එකහාමාරකින් වේරොන් හොටෙල් එකේදි ගන්න හදන නිසා..

MY BUTTERCUP | JJK | ✔حيث تعيش القصص. اكتشف الآن