Episode 8

516 109 6
                                    

ලස්සන වයිට් ලිලී වලින් හැඩවෙච්ච රෙඩ් කාපට් එකක් උඩින් පිම්බිච්ච බිම ගෑවෙන විදියට හදලා තිබුන සුදු පාට එක්ක මික්ස් වුන ගෝල්ඩන් කලර් වෙඩින් ඩ්‍රෙස් එක ඇදන් ඇවිදන් යන කෙල්ල ලග ඕනවටත් වඩා මිනුස්සුන්ගේ ඇස් නැවතුනා..

ඔවු කෙල්ල කියන්න බැරි තරම් ලස්සනයි..හරියට ප්‍රින්සස් කෙනෙක් වගේ..

හිමින් හිමින් පොඩි ආඩම්බර හිනාවක් මූනේ රදවන් ආපු කෙල්ල නැවතුනේ අල්තාරේ උඩ..

"බේබි ඔයා ලස්සනයි.."

කනට කරලා ඇග හිරිවට්ටපු කටහඩේ අයිතිකාරයා දිහා කෙල්ල ඔලුව උස්සලා බලන්න ගියත් කෙල්ලට ඒක කරන්න බැරි වුනේ ෆාදර් කතා කරන්න ගත්ත නිසා..

ෆාදර් මොනවද කියවන කොට කෙල්ලගේ සිහිය නම් තිබුනේ වෙන තැනක..ඒ එයාලා දිහා බලන් ඉන්න කෙල්ලෙක් ලග..

එයාලා දෙන්නා දිහා බලන් කදුලු පුරවන් හිටියේ එයාගෙන් ඈත් වෙන්න එයා මගේ කියලා කියන්න වගේ..

හැමෝගෙම එක පාරට චියර් කරන සද්දයක් නිසා මේ ලෝකෙට ආපු කෙල්ල මොකද වෙන්නේ කියලා බලද්දි තමයි දැක්කේ එයාගේ තොල්වලට හෙමින් පහත් වෙන කොල්ලාව..

"ඔයා..??"














*ඩොහ්*

"ආ.....හ් අප්පා....මගේ කොන්ද..!!!!

මොකද්ද මන් ඒ දැක්ක අසමජ්ජාති හීනේ..අර අවලම් ගස් හිවලා එක්ක නේද මන් හිටියේ..ඊව්වා ඒක මගේ ලිප්ස් කිස් කරන්න නේ හැදුවේ..!!

ආ....හ් වේ..ඔයා රට හරකා උදේ පාන්දර දැක්කේ..දවසම මූසලයි..අවලම් උලමා..!!"

උදේ පාන්දර දැක්ක හීනෙට බැන බැන බාතෲම් එකට ගියේ වටේ තිබුන බඩුවලටත් පයින් එකක් දීගෙන යන ගමන්..

අද කෙල්ල ලීව් දාලා ගෙදර..ඒ නිසා දවල් වෙනකන් නිදා ගන්න තමා හැදුවේ..ඒත් ඉතින් ඒක කරගන්න බැරි වුනේ දැකපු හීනේ නිසා..

"ආ..හ් තාම වෙලාව 7.30යිද...!!"

බාතෘම් එකෙන් ඇවිත් මූන පිහිද පිහිද චාජර් එකෙන් ගලව ගත්තු ෆෝන් එක ඔන් කරලා බලද්දි දැක්කේ වෙලාව උදේ 7.30යි කියලා..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now