Episode 5

537 114 6
                                    

"යා...හ් මන් මේක කොහෙද දැම්මේ...

ඇයි මේ ඔක්කොම එකට ගුලි කරලා..

පනාව මොකාද ගත්තේ...!!"

රෑ එලාම් එක තියලා නිදාගෙන මින්ජි එලාම් එකට ඇහැරුනත් ෆෝන් එක දිහා බලලා කිව්වේ වෙලාව තව තියෙයි කියලා.විනාඩි පහක් ඇදේ ඇලවෙලා ඉන්නවා කියලා හිතලා කෑ මොර දෙන තමන්ගේ එලාම් එක ඕෆ් කරලා තවත් බෙඩ්ශීට් එක අස්සට ගුලි වුන මින්ජිට ආයෙමත් ඇහැරුනේ විනාඩි පහකට පස්සේ නෙවෙයි විනාඩි හතලිස් පහකට පස්සේ ඒකත් හීනෙන් වගේ..

(A/N:ස්කෝලේ යන්න එලාම් එක වදිනකොට නැගිටලා එලාම් එක ඕෆ් කරලා තව විනාඩි පහක් ඉන්නවා කියලා හිතන් පොඩ්ඩක් ඇස්වහගෙන ඉදලා හයයි තිහට ආයෙමත් ඇහැරෙද්දි සනීපේ කොහොමද..?)

සැකේට වගේ ෆෝන් එක බලපු මින්ජි වෙලාව දැක්කගමන් ඇදෙන් පැන්නේ ඇගේ පැටලිලා තිබුන ශීට් එකත් කකුල්වල පටලන්..කකුල්වල පැටලිලා තිබුන ශීට් එක එහාට මෙහාට කරලා බාතෲම් එකට පැන්න මින්ජි ඉක්මනින් නාගත්තේ බාතෲම් එක ඇතුලට එද්දිත් වෙලාව උදේ 8.10යි කියලා ඔරලෝසුවේ සනිටුහන් වෙලා තියෙද්දි..

ඔක්කොම උදේට ලේස්ති කරගන්න අදහසෙන් වේලාසන එලාම් තිබ්බත් පරක්කු වෙලා ඇහැරුන නිසා මින්ජිට තව වැඩ වැඩි වුනා..

ටවල් එක ඇදන් එලියට ඇවිත් අයන් කරන්න තිබුන ඇදුම් ටික අරන් අරහෙට මෙහෙට දුවද්දි කකුල් දෙකෙන් බේරෙන වතුර නිසා දෙපාරක් තුන්පාරක් මින්ජි ලිස්සලා වැටුනේ නැත්තෙමත් නෑ..

අරහෙන් මෙහෙන් පොඩි වෙලා තිබුනු තැන් අයන් කරලා ඇදුම ඇදගත්ත මින්ජි ඔලුවේ තිබුන ටවල් එක අයින් කරලා කොන්ඩේ පිහදලා ඩ්‍රයි කරා..
ඩ්‍රයි කරපු කොන්ඩේ පීරන්න පනාව හොයාගන්න බැරුව උඩ පැනපු මින්ජි පනාවත් හොයාගෙන අඩුපාඩුත් හදාගෙන කාමරෙන් එලියට බහිද්දිම වෙලාව උදේ 8.45යි..

"පුන්චි බේබි..ගුඩ් මෝනින්ග්
කාලා යන්න...."

සුදු පාට ශර්ට් එකකට කලුපාට බ්ලේසර් එකක් ඇදලා සුදු ශර්ට් එක යට කරලා ඊට උඩින් කලුපාට දනට පොඩ්ඩක් උඩට වෙන්න ඇදපු ටයිට් ස්කර්ට් එකට කොන්ඩේ තෙත පිටින්ම පෝනි ටේල් එකක් දාලා එක අතක හෑන්ඩ් බෑග් එකකුත් අනිත් අතේ සෙරෙප්පු දෙකකුත් දාන් පඩිපෙල් දෙකෙන් දෙකට දුවගෙන බහින කෙල්ලට අජුම්මා කිව්වේ කෑම ටික මේසෙට තියන ගමන්..

MY BUTTERCUP | JJK | ✔Opowieści tętniące życiem. Odkryj je teraz