Episode 18

457 107 4
                                    

ජිමින්ට යූහි එක්ක කතා කරන්න ඕන වුන නිසා මින්ජි ජන්කූක් ටේ රූම් එකෙන් එලියට එද්දි යුන්ගි එයාගේ වැඩ කරගන්න ගියා..

"දැන් ඇයි කියලා කිව්වේ නෑනේ ඇඩුවේ.."

ජිමින් අහද්දි යූහි ජිමින් දිහා බැලුවා..ඒ බලද්දි ආයෙමත් යූහිගේ ඇස්වල කදුලු පිරුනා..

"ඔය ආයේ අඩනවා..මොකද්ද වුනේ යූහි අඩන්න තරම්..."

"මන් වැටුනා ජිමින්..පුටුවත් පෙරලන් වැටෙද්දි මන් වැටුනේ අනිත් පැත්තට.."

"ඉතින්..?"

"ඉතින් මන් වැටෙද්දි දැනන් හිටියේ නෑනේ ප්‍රෙග්නට් කියලා..යුන්ගි ඔප්පා ඕක කිව්ව හැටියේ මට මතක් වුනේ මන් වැටුන විදිය..

මට බය හිතුනා ජිමින් ගොඩාක්..මන් හිතුවේ මගේ දරුවට ඩැමේජ් එකක් වෙලා ඇති කියලා..ඒකයි මන් චෙකප් එකක් කරේ ඒ වෙලාවෙම..වාසනාවට මුකුත් වෙලා තිබුනේ නැත්තේ.."

අඩන ගමන් කියන යූහිව තුරුල් කරගත්ත ජිමින් යූහිගේ හිස් මුදුන ඉම්බේ ඒ හැමදේම හරි කියන ගමන්..

"ඇත්තටමයි ජිමින් දරුවට මොනාහරි වුනා නම් එහෙම මන් ම්-"

"ඔය ඇති..!"

යූහිගේ එකම ටේප් ප්ලේ වෙද්දි ජිමින් යූහිව එහාට කරලා යූහිගෙන් ඇස්වලින් වැටෙන කදුලු පිහිදැම්මා..

"ඔයාත් හොදින්..දරුවත් හොදින්නේ..ඉතින් තව මොනාද මට..දැන් ඔක්කොම හරි යූ..තේරුනාද..?"

යූහි ඇස් පිහිදන ගමන් ඔව් කියද්දි ජිමින් හිනාවෙලා යූහිගේ ඔලුව අතගෑවා..

"අපි බදිමු..?"

"ආ..හ් ?"

"ඇයි බෑ..?"

ජිමින් අහද්දි යූහි හිනාවුනා...හිනා යන්නැද්ද එක පාරටම ඔය වගේ දෙයක් ඔය විදියට අහද්දි..

"ඔහොම අහනවද ජිමින් එකපාරටම.."

"ආ...දැන් කොහොමද ඕක අහන්න ඕන..?"

ජිමින් අහද්දි යූහි හිනාවුනා..ජිමින්ට ඒක සහනයක් වුනා මෙච්චර වෙලා යූහි අඩපු විදිය දැක්කම..

"විහිලු නෙවෙයි යූහි..!"

ජිමින් ලොකු හුස්මක් අතාරින ගමන් කියද්දි යූහි ජිමින්ගේ අත අරන් අල්ලට තොල් තද කරා..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now