Episode 9

542 116 2
                                    

"එක්සියුස්මි සර්.."

මින්ජි ඒ මනුස්සයාගේ උරහිසට තට්ටු කරලා කතා කරනවත් එක්කම 'යස් වයි?' කියාගෙන හැරුනු පුද්ගලයා දැක්ක ගමන් මින්ජි ගැස්සුනා..

මින්ජි විතරක් නෙවෙයි ඒ හැරුන පුදගලයත් ගැස්සුනා..

"ඔයා..???"

"ඔයා..???"

දෙන්නගෙම කටින් එකම වචනේ පුදුමෙන් පිරිච්ච කටහඩින් සමාන තාලෙකට කියවුනා.

පර්ස් එකත් අතේ තියන් ඉස්සරහා ඉන්න මනුස්සයා දිහා බලන් හිටපු මින්ජිගේ ඇස් කලබල වුනා.ඒ තත්පර කිහිපයකට වෙන්න පුලුවන්.හැබැයි මින්ජිට ඉස්සරහින් හිටිය මින්ජිගේ බොස් මින්ජිව දැකලා කලබල වුනේ තත්පර කිහිපයකට නෙවෙයි.

මින්ජිගේ මූන පුරා අගලක් නෑර දුවන ඇස්වලින් මින්ජිගේ ඇස් එහාට ගන්න ඕන වුනත් මින්ජිට බැරිවුනා ඒ ඇස් වලින් තමන්ගේ ඇස් අයින් කරගන්න..මින්ජිට දැනුනෙම මින්ජිගේ ඇස් ඒ කලබලෙන් එහා මෙහා දුවන ඇස් වලට ඇලිලා කියලා..

"ඕහ් මින්ජි මෙතන..මන් ඔයාව හෙව්වා.."

"මින්ජි..මින්ජි!!!"

"ඔහ් ආහ්හ්.."

මෙතනම ඉන්න කියලා උපදෙස් දීලා නැගිටලා ගිය සූහොන් ආපහු එද්දි මින්ජි හිටපු ටේබල් එක හිස් වෙලා තිබුනා.

නොකියා ගිහින් මරාලයක්වත් සෙට් කරගෙනද දන්නේ නෑ කියන සිතුවිල්ල සූහොන්ගේ මනසේ හොල්මන් කරද්දි සූහොන් මින්ජිව තනියම දාලා ගිය එක ගැන එයාටම දොස් කියාගත්තා..

මොකද මින්ජි කියන්නේ මොන ජාතියේ ජීවියෙක්ද කියන්න සූහොන් මේ දවස් ටිකට ඕනවටත් වඩා දැනගත්තා..

අරයගෙන් මෙයාගෙන් අහ අහ වොශෲම් අස්සෙයි කල්ලි හැදිලා අරයගේ මෙයාගේ කෝප්ප හෝදන කෙල්ලෝ අස්සෙයි මින්ජිව හොයන්න ගිහින් සූහොන් කෙල්ලෙක්ගෙන් දෙන්නෙක්ගෙන් පර්ස් පාරක් කෑවේ නැත්තෙමත් නෑ..

ඒ වෙලාවේ සූහොන් හිතුවෙම මින්ජිව පනපිටින් උයන් කන්න ඕන කියලා විතරයි..

හොයලා හොයලා කොහොමහරි මින්ජිව හොයාගත්තු සූහොන් කෙල්ල ලගට ගිහින් මින්ජිට කතා කරත් මින්ජිගෙන් නම් කිසිම රියැක්ශන් එකක් හම්බුනේ නෑ..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now