Episode 16

476 115 7
                                    

යූහිගේ වචන එක්ක ශොක් වෙලා හිටිය මින්ජි ආයෙම පඩිපෙල බැහැගෙන ගියේ වටේපිටේ ඉන්න කවුරුත් ගනන් නොගෙන..

මින්ජි මුලින්ම දැක්කේ පඩිපෙලට මුහුනලා වාඩිවෙලා හිටිය ටේහ්‍යුන්ග්..

ඒ නිසා යූහි තව දේවල් කියන්න ගියත් ටේහ්‍යුන්ග් ඉගි කරේ මින්ජි එනවා කියලා..

ඒත් ඉතින් කියන්න දුකයි ටේහ්‍යුන්ග් මින්ජිට ඇහෙන්න ඕනේ නෑ කියලා එයාලා හිතන එකම මින්ජිට ඇහුනා..!

"ඔහ් මිනූ නැගිට්ටද..?"

ජිමින් ඇහුවත් මින්ජි මුකුත් නොකියම කිචන් එකට ගිහින් වතුර එකක් බෝතලයකට පුරවගත්තා..

බෝතලේ ටැප් එකට අල්ලන් ඉන්න අතරේ මින්ජිගේ කන්වල තවමත් දෝන්කාර දුන්නේ යූහිගේ කටින් පිටවෙච්ච වචන ටික..

මින්ජිට ඒ වචන ඇහෙන වාරයක් පාසා හිත රිදුනා..මින්ජි දන්නේ නෑ ඇයි එයාට දුක හිතෙන්නෙ කියලා..ඒ නිසාම මින්ජිගේ ඇස්වලින් කදුලු පිටවුනා මින්ජිවත් නොදැන..

එකපාරට ආපු අත් දෙකක් මින්ජුගේ බඩ වටින් ආවහමයි මින්ජි ගැස්සිලා ගියේ..

ඒ යූහි..

මින්ජිගේ කල්පනාවේ තරම කියනවනම් එයා දන්නේ නෑ බෝතලේ වතුර පිරිලා උතුරලා යනවා කියලවත්..

"මොනාද දරුවෝ ඔච්චරටම කල්පනා කරන්නේ..?
වතුර එක උතුරලා යනවා කියන එකවත් ඔයා දන්නේ නෑ.."

"අමතක වුනා.."

බෝතලේ මූඩිය වහන ගමන් යූහිගේ අත් අයින් කරපු මින්ජි යූහිගෙන් අයින් වෙලා යන්න හැදුවත් මින්ජිගේ අතින් යූහි අල්ලගෙන නතර කරගත්ත නිසා මින්ජිට යන්න බැරි වුනා..

"මින්ජියා ඔයා අඩලා..!"

යූහි කියනකොට මින්ජි ඉක්මනින් කදුලු පිහිදලා යූහි දිහා බැලුවේ නෑ කියන්න වගේ...

"බොරු කියන්න එපා..ඔයාගෙ ඇස්වල කදුලු.."

"ඔලුව රිදෙනෝ ඔන්නි...උන ගතිය නිසා වෙන්න ඇති ඇස්වල කදුලු පිරෙන්නේ.."

යූහිට ඉක්මන් උත්තරයක් දුන්න මින්ජි පුලුවන් ඉක්මනට ලිවින්ග් රුම් එක පහු කරලා පඩිපෙල නැග්ගේ කොල්ලෝ තුන්දෙනා ඒ දිහා බලන් ඉද්දි...

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now