Episode 4

599 119 8
                                    

මින්ජි ජිමින්ටත් ගස්සන් ආවේ කාමරේට.ඇවිත් වොශ් එකක් දාගෙන කාමරේ වටේ කැරකුනේ මීට කලින් තන්ගෙම කාමරේ දැකලා නැති එකෙක් වගේ..කලින් දවසෙ රෑ වල් කරපු කාමරේ සර්වන්ට් කෙනෙක් ලස්සනට අස් කරලා තිබුනා..

ඒ වගේම මිරර් ටේබල් එක උඩ ලස්සන ඩේසියා මල් පොකුරකුත් තිබුනා..කාමරේ සුවදයි වගේම ඒ සුවද මින්ජිගේ හිත ගොඩනැගිලා තිබුන අමුතු හැගීම් වලින් නිදහස් කරා..

කාමරේ වටේම කැරකිලා ජනෙල් ඇරලා ජනෙල් රෙදිත් අයින් කරලා කාමරේට ඉර එලියට ඇතුලට එන්න දුන්නේ කාමරේ අදුරු වෙලා තිබුන නිසා..

ඇරපු ජනේලෙන් බැල්කනියට ගිය මින්ජි හමාගෙන ආපු හුලං පාර වින්දේ ඇස් වහන් අත් දෙක පිටිපස්සට වෙන්න බැදන්..මින්ජි නාලා හිටපු නිසා වගේම කෙල්ල ඇදන් හිටපු ඇදුම නිසාම ඒ සුලග ඇගට සනීප සීතල සුලගක් වුනා..

ටික වෙලාවක් එලියට වෙලා හිටපු මින්ජි දැක්කේ ගාර්ඩ්න් එකට වෙලා ඇලිලා ඉන්න තමන්ගේ ඔන්නියි ඔප්පයි..ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු හිනාවෙවී ඔලුවත් දෙපැත්තට හොලවලා ඇතුලට ආවේ ගෙනාපු බඩු බලන්න...

අරගෙන ආපු බඩු බෑග් හතර පහක් ඇද උඩ තියාගත්තු කෙල්ල කකුල් දෙක ඇද උඩට අරන් ඉස්සරහට වැටිලා තිබුන තෙත කොන්ඩෙ කෑලි කන දෙපැත්තේ රදවගෙන බෑග් දිහා බලන් හිටියේ දිලිසෙන ඇස්වලින්...

බෑග් ටික ඉස්සරහට අත දික් කරලා හිනාවකින් තොලුත් තද කරන් කල්පනා කරේ මොන බෑග් එකද මුලින් හලන්නේ කියලා..හැම බෑග් එකක්ම අල්ල අල්ල මේක නෙවෙයි අරක,අරක නෙවෙයි මේක ගගා හිටපු කෙල්ල කොහොම හැලුවත් මොකද කියලා ඔක්කොම බෑග් ටික ඇදට හැලුවා...

ඇදුම්,සපත්තු,පර්ෆියුම්,කොස්මැටික් බඩු වගේ දේවල් දාලා තිබුන බෑග් ටික ඇද ලගින් දාලා මින්ජි බැලුවේ මිරර් ටේබල් එක ඉස්සරහා..ඊටපස්සේ බැලුවේ තමන් ගෙනාපු බඩු දිහා..

අලුතෙන් ගෙනාපු පර්ෆියුම් එකක් අතට ස්ප්‍රේ කරපු මින්ජි ටික වෙලාවකින් පර්ෆියුම් එකේ සුවද බැලුවා..ඒක සුවදයි..කලින් මින්ජි පාවිච්චි කරපු මින්ජිගේ ෆේවරිට්ම පර්ෆියුම් එක..ඒක ආයෙමත් කෙල්ල යූස් කරන්න ගත්තේ ඉතාලි ගියාට පස්සේ..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now