Chapter 02 🙂

2.9K 409 106
                                    

ජන්කූක් ශර්ට් එකේ බටන් දාන ගමන් පහලට ආවා එතකොට ජිනුත් එතැන හිටියා

" ජන්කුකා උබ....... "

" මොකද හියුන්ග් "

" උබ කෙල්ලට මොනාහරි කලා ද "

ජින් ඇහුවේ ජන්කූක් දිහා බලාගෙන

" පිස්සු ද හියුන්ග් මම ඒකිට මුකුත් කලේ නැ "

" උබ ඕන දෙයක් කරපන් ඒ කෙල්ලගේ ජීවිතේ විනාස කරන්න එපා ඒ ජන්ග්ගේ දුව වෙන්න ඇති සොෆි වගේ තවත් අහිංසක කෙල්ලෙක් කියලා අමතක කරන්න එපා "

ජින් කිව්වා

" ඒකියි මගේ සොෆියි කියන්නේ දෙන්නෙක් හියුන්ග් "

" කියන දෙයක් තේරුම් ගනින් ජන්කුකා "

ජන්කූක් කිසිදෙයක් නෑහුනු ගානට එලියට ගියා

" බොස්....... "

ජැකී කතා කරපු නිසා ජන්කූක් එතැන නැවතිලා ජැකී දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ

" බොස් අපි කිඩ්නැප් කරපු කෙල්ලගේ බෑග් එක "

ජන්කූක් ජැකීගේ අතේ තිබුණු සනාගේ බෑග් එකක් උදුරාගෙන ක්ලබ් එකේ රූම් එකට ගිහින් බෑග් එක හැලුවා රූම් එක නිකන් මීතොටමුල්ලේ කුනු කන්ද වගේ වෙන්න ගියේ තත්පර ගානයි කෙල්ලගේ ඇදුම්නුයි කාලා ඉතුරු කරපු කෑමයි ෆෝන් එකයි තිබුනේ ජන්කූක් සනාගේ ෆෝන් එක අතට අරගෙන සෝෆා එකට වැටුනා කොල්ලා ෆෝන් එක ඔන් කරනකොටම දැක්කේ සුකීගෙන් මිස් කෝල් 34 ක් තියෙනවා මැසේජ් 10 කුත් තිබුනා කොල්ලා ඉස්සෙල්ලාම මැසේජ් ටික ඕපන් කරලා බැලුවා

💬 තමුසේ කොහෙද ඉන්නේ
ෆෝන් ඕෆ් කරගෙන මොන කෙහෙල් ඇවරියක් ද කරන්නේ ආ
දවස් ගානට පස්සේ ගෙදර ආවා තමුසේ අන්තරස්දාන පොජ්ජ මංගජ්ජලා
ඉන්න දිල්ලියකින් ඇවිත් මට කෝල් එකක් දෙනවා නැත්නම් මම නරකයි කියලා එන්න එපා කලින් දැනුවත් කලා
හු#$%&
සූයා ඔන්නි ෆෝන් කරගෙන තමුසෙටම ගැලපෙනවා
කොහොම වුනත් කමක් නැ එනකොට මට කන්න මොනාහරි අරන් එනවා
අද එන්නේ නැ කියලා නම් කියන්න එපා ඉන්න තැනක් හොයාගෙන ඇවිත් කොටනවා සනිකව
ඔය ලෙඩාට වඩා තමුසෙගේ නංගී වටිනවා නේද ඔන්නි වරකෝ
තමුසේ දැන්ම ආවොත් විතරයි ගෙට ගන්නේ හොදේ

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now