Chapter 24 😎

2.1K 339 40
                                    

සූයා mirror එක ඉස්සරහට වෙලා කොන්ඩේ පීරන ගමන් වෙනම කල්පනාවක

සනා කවදාවත් මෙහෙම හැසිරිලා මොනා හරි හිතේ තියාගෙන ඉන්නේ මොනා වුනත් හොද දෙයක් නෙවෙයි මේ කෙල්ල හැමදේම හිතේ තියාගෙන ඉදලා වැරදි තීරණයක් ගත්තොත්.... දැන් ජන්කූක් මරාගෙන මැරෙන සයිස් එකේ ඉන්නේ සුකී එක්ක කතා කරන්න ඕන එයා අනිවාර්යයෙන් මොනාහරි දන්නවා ඇති

සූයා එහෙම හිතලා ෆෝන් එක අතට ගන්නකොටම කවුදෝ ඇවිත් සූයාව බැක් හග් කලා කෙල්ල එකපාරටම ගැස්සිලා ගියත් ඊලග තත්පරේ තේරුනා මේ එයාගේ පූස් හස්බන් කියලා සූයා ෆෝන් එක ටේබල් එක උඩින් තියලා යුංගිගේ කොන්ඩේ අස්සේ අතැගිලි යැව්වා යුංගි කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා

" යාහ්හ්..... යුංගියා.... "

සූයාගේ බෙල්ලේ පාමුල කොල්ලා නහය එහෙ මෙහෙ කරද්දී කෙල්ලට කිතියි වගේ

" මොකද අනේ මේ..... "

සූයා කොල්ලාගේ හිස පිරිමදින ගමන් අහද්දී කෙල්ලෙගේ ඉන වටේ එතිලා තිබුණු අත් තද වුනා හරියටම කවුරුහරි සූයාව උදුරගනියි කියලා

" සූයා......."

" ම්ම්ම්..."

" සරන්හේ......"

සූයා බෙල්ල හරවලා යුංගි දිහා බැලුවේ මේ මොකද මේ කියලා අහන්න වගේ ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්න කෙල්ල දිහා බලාගෙන හිටපු යුංගි කෙල්ලගේ තොල් අල්ලගත්තා සූයා හිමින් යුංගිගේ හාදුවට අවනත වුනා කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු යුංගිගේ අත් තද කරගත්තා

" හියුන්ග්....... ඕ මියානේ continue...කරගෙන යන්න "

ඩබල ගැස්සිලා ගිහින් ඈත් වුනේ ඇහුනු කටහඬ නිසා දොර ඇරගෙන ආපු ටේහ්‍යුන් එහෙම කියලා ආවාට වඩා වේගයෙන් දොරත් වහගෙන දුවලා ගියා

" දැන් අරූ ගිහින් ගම ගිනි තියයි....."

යුංගි කිව්වේ සූයාව ඈත් කරලා සූයා රතු වෙලා කටකොනින් හිනා වුනු යුංගි සූයාගේ කොන්ඩේ අවුස්සලා වොෂ් රූම් එකට ගියා

" යාහ්හ් මෝඩ පූස් තඩියා "

සූයා mirror එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන කෑගැහුවා යුංගියා අවුල් කරලා ගියපු කොන්ඩේ ආපහු පීරගෙන සූයා පහලට යද්දී කට වල් හදාගෙන සෙට් එකම සූයා දිහා බලාගෙන ඉන්නවා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now