Chapter 30 💔

2.3K 397 138
                                    

Next Day Morning

සනා උදේ නැගිටලා කිචන් එකට ගියා යනකොට මීරා කිචන් එකේ ඉන්නවා උදේ පාන්දර සනාට මාරයා අවේස වුනත් කෙල්ල තරහ පාලනය කරගෙන කිචන් එකට ගියා ඒත් එක්කම සූයා ආවා

" ගුඩ් මෝනින් සූයා "

" ගුඩ් මෝනින් සනා.."

සූයා යාන්තම් හිනා වෙලා කිව්වා

" සූයා මට කොෆි එකක් හදලා දෙන්න "

මීරා කිව්වේ අණ කිරීමක් වගේ

" හරි මීරා..."

" ඕකිට කොෆි නෙවෙයි දෙන්න ඕන "

සනා මිමිනුවා සූයා ගිහින් මීරාට කොෆි එකක් හදලා දුන්නා එක උගුරක් බීලා ඒක විසි කලා

" මොනාද ගෑනියේ තමුසේ හදලා තියෙන්නේ මේවාට ද කොෆි කියන්නේ "

මීරා සූයාට කෑගැහුවා සද්දේ ඇහිලා කොල්ලෝ ටිකත් පහලට ආවා මේකයි නේ වුනේ කොෆි එකට සීනි වෙනුවට ලුනු දාලා සනා මික්ස් කලා දැන් නම් සනා ඉන්නේ මේකිව මරන්න තරම් තරහින්

" මොකද තමුසේ කෑගහන්නේ ආ..."

යුංගි සූයාව ලගට ගන්න ගමන් ඇහුවා

" මේකිට හරියට කොෆි එකක් හදාගන්න බැරී ද ආ "

යුංගි සූයා දිහා බැලුවේ සූයාට හොදට කොෆි හදන්න පුලුවන් නිසා ඒත් එක්කම සුකී පිටිපස්සේ ඉදගෙන සනාට හිමින් කතා කලා සනා ශේප් එකේ සුකී ලගට ගියා

" මොකද වුනේ....."

" වැඩේ ගොඩ...."

" එතකොට මේ උඩැක්කිය තව දවසක්වත් මෙහේ තියාගන්න ඕන නැ "

" යේ......"

" අපරාදේ.... කම්මැලිකමට හරි බය කරන්න හිටපු කෙනා නේ "

සනා කියද්දී සුකී සනා දිහා බැලුවේ අනේ මන්දා වගේ

" විනාඩියකට ඔය කවකටු පෙට්ටිය වහගන්න "

සනා මීරාගේ ඉස්සරහට ගිහින් කිව්වා

" මිස් මීරා මට පොඩි දැවෙන පුරස්නයක් තියෙනවා "

සනා මීරාට කියද්දී මීරා ගැස්සුනා සනා ඒක දැකලා හිතින් හිනා වුනා

" මොකද්ද කියලා අහන්නේ නැද්ද "

සනා මීරාගේ මූනට පහත් වෙලා ඇහුවා ජන්කූක් අත් දෙකත් බැදගෙන සනා මොකද්ද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now