Chapter 07 😏

2.6K 369 86
                                    

Author Pov

" බොස්...... ",

ජැකී ජන්කූක්ගේ ඔෆිස් රූම් එකේ දොර ලගට වෙලා කතා කලා ජන්කූක් අතින් සන් කලේ එන්න කියලා

" බොස් අරූ මිස් ඉන්න තැන හොයාගෙන "

පුටුවේ පිටිපස්සට බර වෙලා ඇස් පියාගෙන හිටපු ජන්කූක් ඒක ඇහුනු ගමන් කෙලින් වෙලා වාඩිවුනා

" උබ මට තැන මැසේජ් කරපන් "

ජන්කූක් කෝට් එකත් අරගෙන ඔෆිස් රූම් එකෙන් එලියට ගියේ පුදුම හදිස්සියකින්

___________________________

සනා ගෙදර ඇවිත් කොට්ටේ තුරුල් කරලා අඩලා මහන්සියට එහෙම්ම නින්ද ගියා කෙල්ල ඇහැරුනේ ගෙදර ඩෝ බෙල් එක වදිනවා ඇහිලා

" අයිෂ් මොකාද මේ වෙලාවේ එන්නේ "

සනා ඇස් දෙක පිහිදලා ෆෝන් එක අරගෙන වෙලාව බලනකොට දවල් 2.30 යි ඩෝ බෙල් එක දිගටම වදින නිසා කෙල්ල ඈනුමක් යවන ගමන් ගියා

මොන coconut doncky කෙනෙක් ද මගේ රාජකීය නින්දට බාධා කලේ ආපු එකා මොකා වුනත් අද ඔම්මා මුත්තා කිරිකිත්‍තා කිරි කෑ මුත්තා හත්මුතු පරම්පරාවම මතක් වෙන්න සුද්ද කොරියන් වලින් ආමන්ත්‍රණය කරනවා

සනා ආපු එකාගේ හත්මුතු පරම්පරාවට දෙහි කපන ගමන් දොර ලගට ගියා

" පොඩ්ඩක් ඉන්නවා මනුස්සයෝ මට කකුල් දෙකයි තියෙන්නේ "

සනා එහෙම කියාගෙන දොර ඇරියා හැබැයි එතැන හිටපු කෙනා දැක්කාම දොර ඇරපු එක ගැන සිය දහස් වතාවක් හිතින් තමන්ටම බැනගත්තා සනා අනිත් පැත්තට දොර වහන්න ගියත් ඊට වඩා ඉක්මන් වුනු ජන්කූක් දොර අතින් පිටිපස්සට තල්ලු කරලා ඇතුලට ඇවිත් දොර වැහුවා

" තමුසේ මොකටද මෙහෙට ආවේ "

" තමුසේ මොකටද මෙහෙට ආවේ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now