Chapter 25 🎉️

2.2K 385 104
                                    

ජන්කූක් mansion එකට ආවේ තරහින් වගේම දුකින් කොල්ලාට සනාට සීරිමක්වත් කරන්න හිතෙන්නේ නැ වෙන එකෙක් ඔහොම දෙයක් කලා නම් උගේ රෝම කූපයක් වත් හොයාගන්න වෙන්නේ නැ ඒත් ජන්කූක් ඉවසන එකෙන් සනා ප්‍රයෝජන ගත්තා

කොල්ලා රූෆ් ටොප් එකට වෙලා සිගරට් එකත් කටේ ගහගෙන එහෙ මෙහෙ ඇවිද්දේ මොනා කරන්න ද කියලා හිතාගන්න බැරුව කොල්ලා සිගරට් බොන්නේ හිත නොසන්සුන් වුනාම කියලා ජන්කූක් ලගින් ඉන්න හැමෝම වගේ දන්න දෙයක්

" ජන්කුකී...."

" හියුන්ග්...."

ජන්කූක් ඉක්මනට සිගරට් එක විසී කලේ ජින්ගෙන් පස්ස රත් වෙන්න පාරක් කන්න වෙයි කියලා බයට ඒත් ජින් දැකලා ඉවරයි

" මොනාද මෙතනට වෙලා කරන්නේ සීතල නැද්ද "

ජින් අහද්දී ජන්කූක් හිනා වුනා

" සීතල ගැන හිතනවාට වඩා මට හිතන්න දේවල් තියෙනවා "

ජන්කූක් කියද්දී ජින් ගිහින් කොල්ලාගේ ඔලුව අතගෑවා

" සනා ගැන නේද හිතන්නේ... "

ජන්කූක් ජින් දිහා බලලා ඔව් කියන්න ඔලුව වැනුවා

" ජන්කුකී සනාට ආදරෙයි මම හරි නේද "

" මම තේරෙන්නේ නැ හියුන්ග් මට මුකුත් තේරෙන්නේ නැ මට එයාට කරදරයක් කරන්න ඕන නැ එයාට සීරිමක් වත් වෙනකම් මට බලාගෙන ඉන්න බැ හියුන්ග් ඒත් එයා කරන දේවල් වලින් කම්පැනි එක කඩාගෙන වැටෙයි හියුන්ග් දන්නවා මම මෙහෙම ඉවසපු කෙනෙක් නෙවෙයි කියලා ඒත් සනා වෙනුවෙන් ඉවසනවා එයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මට එයාව මගේ පේනමානේ තියාගන්න ඕන මට එයාව ඈත් කරන්න බැ මට මොනා වෙලා ද හියුන්ග් "

ජන්කූක් කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කිව්වා ජින් හිනා වුනා

" ජන්කුකී ඕකට තමයි ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කෙනාට සීරිමක්වත් වෙනවාට කැමති නැ එයාව ආරක්ෂා කරන්න බලන්නේ එයා වෙනුවෙන් ඕනතරම් ඉවසන්න පුලුවන් "

ජින් ජන්කූක්ගේ ඔලුව අතගාන ගමන් කිව්වාම ඇස් දෙකත් ලොකු කරගෙන ජින් දිහා බලාගෙන ඉන්නවා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now