Chapter 28 🤗

2.4K 412 110
                                    

සනා rooftop එකට වෙලා අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ....."

පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා සනා හැරිලා බැලුවා එතැන හිටියේ ජිමින්

" ඕ.... ඔප්පා..."

සනා ඇස් දෙක ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන ඉදිද්දී ජිමින් හිනා වෙවී සනා ලගට ආවා

" මොනාද අහස දිහා බලාගෙන කල්පනා කරන්නේ "

" කල්පනා කරන්න ද දේවල් නැත්තේ ඔප්පා.."

සනා අහස දිහා බලාගෙන ජිමින්ට උත්තර දුන්නා

" ම්ම්ම්.... සනා මාත් එක්ක තරහින් ද "

ජිමින් ඇහුවාම කෙල්ල ජිමින්ගේ පැත්තට හැරුණේ හිනාවක් මුහුනේ රදවගෙන

" මම මොකටද ඔප්පා තරහ වෙන්නේ ඔප්පා මට මොකද්ද කරපු වරද ..."

සනා එහෙම කියද්දී ජිමින්ට හිතුනේ තමන් කොච්චර වැරදි ද කියලා කොච්චර බැන්නත්  රිද්දන්න පුලුවන් හැම විදියකින්ම රිද්දුවාට පස්සේ මෙහෙම හැසිරෙන එක ගැන ජිමින්ට පුදුම හිතුනා

" අඩුගානේ මාත් එක්ක පුංචි තරහක්වත් නැද්ද "

" අනියා... ඔප්පා මම ඔප්පා එක්ක තරහ නැ ඔප්පා කරපු දේවල් මම අමතක කරලා ඉන්නේ  ඔප්පා ඒ විදියට හැසිරෙන එක සාධාරණයි කොහොමත් ඔප්පා මම හැමදාම දඩුවම් වින්දේ නොකරපු දේවල් වලට මට දැන් ගානක් නැ ඉතින් මම හැමදේටම පුරුදු වෙලා ඉන්නේ.........."

සනා දිහා ජිමින් බලාගෙන හිටියේ තමන් ගැනම තරහකින්

" සුකී ඔයා ගැන කිව්වා හරි "

" මම ගැන මොනාද සුකී කිව්වේ...."

ජිමින් හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවා

" හැමදාම හිනා වෙලා ඉන්න ඔප්පා ඔයා හිනා වෙනවා දැකලා සොෆි සතුටු වෙයි එයා වෙනුවෙන් හරි හිනා වෙලා සතුටින් ඉන්න මේ හැමෝම ඔප්පාට ගොඩක් ආදරෙයි "

" ම්ම්ම් සනා...."

" හ්ම්ම් කියන්න ඔප්පා "

" මියානේ කලින් කරපු දේවල් වලට "

" දැන් ඒවා කියලා වැඩක් නැ නේ ඔප්පා මම ඔක්කොම අමතක කරලා ඉන්නේ ඔප්පාත් අමතක කරන්න "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now