Part 07

209 48 23
                                    

Jimin pov

Minsun room එක ඇතුලට එනකන් ඉඳලා මන් දොර වැහුවා.
එතන තිබ්බ පුටුවකින් මන් ඉඳගත්තා.

"ඉඳගන්න Mrs.Jeon.. මන් අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න විතරයි ඔයාට තියෙන්නේ"

Minsun මොකුත් නොකියා මන් ළඟම තිබ්බ පිටුවෙන් ඉඳගත්තා.

"හරි ඉස්සෙල්ලම කියන්නකෝ ඇඟට මොකක් හරි අපහසුවක් දැනෙනවද කියලා?"

"නැහැ doctor"

"එතකොට හුස්ම ගන්න එහෙම අපහසුවක් තියේද?"

"නැහැ doctor"

"ම්ම්ම්ම් හරි. එතකොට ඔබතුමිය කලින් දැනගෙන හිටියේ නැද්ද හතු වර්ග ඔබතුමියට විසයි කියලා?"

"නැ..හැ."

"ම්ම්ම් හරි. දැන් මතක තියාගන්න හතු වර්ග නොකා ඉන්න"

"හරි doctor"

"හරි එහෙනම් අපි එලියට යමු"

මන් එහෙම කියලා room එකෙන් එලියට ආවා.

අපි එලියට ඇවිත් බලද්දී Mr.Jeon sofa එකේ ඉඳගෙන phone එකේ වැඩක වගේ හිටියේ.

"Mr.Jeon මන් wife ව check කලා. දැනට කිසිම ප්‍රශ්නයක් නෑ. හතු වර්ග නොකා හිටියම හරි"

"ඕහ් හරි Doctor. ආයෙම එහෙම දෙයක් වෙන්න දෙන්නේ නෑ"

"හරි එහෙනම් මන් යන්නම් Mr.Jeon"

.
.
.
.
.

Mr.Jeon ගේ ගෙදරින් ආපු ගමන් මන් ගියේ beach එක පැත්තට. හිත පොඩ්ඩක් නිදහස් කරගන්න.

මොකද්දෝ මන්දා පාළුවක් දැනුනා. එතකොටයි මට මතක් උනේ Hwani ව. කෙල්ල මට කතා කලේ නෑ එදා සිද්ධියෙන් පස්සේ.

Ahhhhhhhhh

මේ වෙලේ හොස්පිටල් එකේද දන්නෙත් නෑ....

ඒත් මට Hwani ගෙ උදව් ඕනීමයි මේ වැඩේට.

මන් Hwani ගෙ phone එකට call එකක් ගන්නේ නැතුව hospital එකට කෙලින්ම call කලේ Hwani මේ වෙලේ වැඩ නම් එයාගේ phone එක off කරලා ඇති කියලා හිතලා.

ඒත් හොස්පිටල් එකෙන් මට අහන්න ලැබුනේ ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි.

Hwani සති දෙකක් නිවාඩු දාලා තිබ්බා. කිසිම හේතුවක් කියලත් නෑ හොස්පිටල් එකට.

RescuedWhere stories live. Discover now