Part 19

157 43 19
                                    

මාස පහකට පසු

Minsun pov

ඔම්මා මන් ඇයි ඔම්මා මෙහෙම දුක් විඳින්නේ? ඇයි මට මෙතනින් පැනලා යන්න හිතන්නෙවත් නැත්තේ?

ඇයි... ඇයි මන් jungkook ට මේ තරම් ආදරේ කරන්නේ? මට පිස්සුද? මේ තරම් වධ දෙද්දී ත් මට jungkook ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ?

හිතුවේ marry කරලා ටික දවසක් යද්දි හරියයි කියලා. මන් හිතුවේ jungkook මට ආදරේ නොකළත් wife විදිහට මාව පිළිගනී කියලා. ඒත්.... අඩුම තරමේ jungkook මාව සතෙක් තරමටවත් ගනන් ගන්නේ නෑ...


අම්මගේ photo එක දිහා බලාගෙන මන් අදත් අඬනවා. වෙන මොනවා කරන්න ද මන්?

ඒත් එක්කම තමයි ගෙදර land line එකට call එකක් ආවේ.

වේලාව පාන්දර 2ටත් කිට්ටුයි. මේ වෙලේ කවුද ගෙදර ට call කරන්නේ?

ඉක්මනට කඳුළු ටිකත් අතින් පිහදාගෙන මන් living room එකට ගිහින් නොනවත් වා ring වෙන call එක answer කලා.

"ඔව් මේ Munsun තමයි"

"..................."

"අහ් හරි.. මන් දැන් ම එන්නම්"


Jungko... Jungkook ට කියන්න ඕනි ඉක්මනට......

එහෙම හිතලා jungkook ගේ room එකට යන්න හදනවත් එක්කම මාව කාගෙදෝ ඇඟේ හැප්පුනා.

කාගෙදෝ ඇඟක් කියන්නේ??

මේ ගෙදර ඉන්නේ මමයි jungkook විතරයි. ඒ කියන්නේ මේ jungkook. එකපාර ට ම හිතට පොඩි බයක් දැනුන නිසා මන් බිම බලාගෙනම කිසි දෙයක් නොකියා හිටියා.

"Huh කාව බලන්න ද තමුන් මේ මහ පාන්දර යන්නේ? හැමදාම මෙහෙම ද දන්නෙත් නෑ. මගෙන් කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්න ගමන්  රෑට රෑට වෙන වෙන උන් එක්ක රවුම් ගහනවද උඹ? කියපන් ගොළුවා වගේ ඉන්නේ නැතුව"


තවත් කටපියන් ඉන්න එකේ තේරුමක් නැති නිසා මන් jungkook ට call එක ගැන කියන්න හිතුවා.

"Jungkook ඒ... ඒ... අප්පා..."

"අප්පා.... අප්පා..... ලැජ්ජ නැද්ද ගැනියේ???? තමන් ගේ husband ගේ අප්පා එක්ක... Aish fk..."

"නෑ.. නෑ... Jungkook.... අප්පට හොඳට ම අමාරුයි ලු. Hospital admit කරලා. අපිට පුළුවන්තරම් ඉක්මනට එන්න කිව්වා"

RescuedWhere stories live. Discover now