Part 20

188 41 16
                                    

Jungkook pov

"පුතා Minsun ගැන හිතන් ඉන්නේ වැරදියට. ඒ කෙල්ල කිසි වැරද්දක් කරලා නෑ පුතේ. මන් ගත්තු මෝඩ තීරණ නිසයි ඒ කෙල්ල අද මෙහෙම දුක් විඳින්නේ. පුතාටත් කිසි සතුටක් නැත්තේ ඒකයි. ඒත්.... ඒත් පුතා plan කරන් හිටපු විදිහට yura ව marry කලානම් අද මීට වඩා පුතා පසුතැවිලි වෙනවා. ඒක මට එදා දැනුන නිසයි මන් පුතාට Minsun ව ලං කලේ. නැතුව ඒ කෙල්ල ඇවිත් පුතාගේ ඇඟේ එල්ලුනා නෙමෙයි පුතේ..."


අප්පා මේ මොනවා ගැනද කියන්නේ? මගෙයි Yura ගෙයි අතරට ආවේ Minsun. ඒ නිසයි අද Minsun වගේම මාත් දුක් විඳින්නේ. ඒත් අප්පා මොනවද මේ කියන විකාර.















Flashback..................



Yura කියන්නේ model කෙනෙක්. ලෝකු ප්‍රසිද්ධියක් නොතිබුණත් yura ගොඩක් ලස්සන කෙනෙක්. Party එකකදී තමයි මට yura ව මුලින් ම මූණ ගැහෙන්නේ. එදායින් පස්සෙ අපි ආයේ ආයෙම මුන ගැහුනා අහම්බෙන්.

ටික කාලයක් යද්දි අපි දෙන්නා අතර යාළුකමට එහා ගිය සම්බන්ධයක් තිබුණා. ඊටත් අවුරුද්දකට පස්සේ මන් Yura ව marry කරන්නයි හැදුවේ. ඒත් ඒ වෙද්දී yura එයාගේ මොඩ්ලිං වැඩත් එක්ක busy උනා. ඒ වගේ ම අප්පා අපි දෙන්නගේ සම්බන්දෙට අකමැති උනා.

අපේ ගෙදර ට නිතර ආව ගිය ගෑනු ළමයෙක් හිටියා. ඒ ළමයව  මට marry කරන්න කියලා අප්පා කිව්වා. ඒත් Yura ව අත අරින්න මට බැහැ. මොකද මන් ආදරේ කලේ yura ට.



ඒත් මොකද්දෝ මන්දා වෙනසක් මට yura ගෙනුත් ඒ වෙද්දී දැනුනා. වෙනදට මාත් එක්කම හිටපු කෙල්ල එකපාරට ම වැඩත් එක්ක busy උනා. Calls answer කරන්නේ නැතුව ගියා. මැසේජ් වලට reply එන්න ගොඩක් වෙලා ගියා. ඒ වෙනස මට දැනුනත් මාත් වැඩ එක්ක busy වෙන නිසා ඒ ගැන වැඩිය හිතුවේ නෑ.



කොහොම හරි yura මාව marry කරන්න කැමති නිසා අපි wedding එක plan කලේ තාත්තා ගේ අකමැත්ත මැද්දේ. Wedding dress එක, rings වගේ දේවල් yura තනියම අරගෙන තිබුණා. මොකද අපි දෙන්නට ම එකට shopping යන්න වෙලාවක් නැති නිසා.



Wedding එකට හැමදේම ලස්සන ට ලෑස්ති කලා. ඒත් wedding එකට දවස් දෙකකට කලින් Yura මට මැසේජ් එකක් එවලා තිබ්බා.


RescuedWhere stories live. Discover now