Part 23

168 47 33
                                    

Hwani pov

මේ දවස් වල අපේ  Angel ව මට ගොඩක් miss උනා. Hospital එකේ වැඩ ටිකක් වැඩි උන නිසා මන් ඊයේත් ගෙදර ඉඳන් ඒ වැඩ කලා. ළමා නිවාසෙ ට ගිහින් කරන්න පුළුවන් කම තිබ්බත් එතනට ගියාට පස්සේ මේ වැඩ මට අමතක වෙනවා.  Angel බලන් ඉන්නේ මන් එනකන්. ඉතින් මන් එතනදිත් වැඩ කරන්න ගත්තොත් Angel ට දුක හිතෙයි. ඒ නිසාම මම දවස් දෙක තුනක් ළමා නිවසේ ට ගියේ නෑ. රෑට ගෙදර ඉඳන් වැඩ කලා. ඒත් මන් Angel ට හවස් වෙලා video call එකක් ගන්න අමතක කලේ නෑ. Angel ඉන්නේ ගොඩක් පාලුවෙන් කියලා මට තේරෙනවා. Jimin ව නැතුව එයාට වගේම මටත් පාළුයි. ඉතින් අපි දෙන්නා අපි දෙන්නගේ පාළුව අපි දෙන්නාගෙන් නැති කරගත්තා වගේ මේ ටික කාලේ. මට දැනුනේ එහෙමයි. ඒත් මේ වෙද්දි Angel මටත් මන් Angel ටත් ගොඩක් බැඳිලා කියලා මට තේරෙනවා.



Hospital එකේ වැඩ ඉවර උන ගමන් පුළුවන් ඉක්මනට මන් ගෙදරින් wash එකක් දාගත්තා. ඒක මගේ පුරුද්දක්. ළමා නිවාසේ ට යන්න කලින් අනිවාරෙන් මන් wash එකක් දාගන්නවා. මොකද මන් එන්නේ hospital එකේ ඉඳන්. Hospital එකක් කියන්නේ විෂබීජ ගොඩක් තියන තැනක්. ඉතින් පුංචි ළමයි ඉන්න තැනකට යද්දී පරිස්සම් වෙන්න ඕනි නෙ.




රෑ වෙලා නිසා ඇඟට පහසු ඇඳුමකුත් ඇඳගෙන මන් ඉක්මනට ආයෙත් ළමා නිවාසෙට යන්න පිටත් උනා. යන අතරමග ළමයින් ට කන්න පොඩි පොඩි දේවල් ටිකකුත් අරන් ගියා.


මන් ළමා නිවාසෙ ට යද්දී කිසි සද්දයක් තිබ්බේ නෑ. වෙනදට මන් එනකොට පුදුම තරම් සද්දයක්. කට්ටියත් එක්ක කෑගහන සද්දෙ මන් car එකෙන් බහිද්දීම ඇහෙනවා. ඒත් අද කිසි සද්දයක් නෑ... ටිකක් විතර බය හිතුනා මටනම්. මොකද කවදාවත් මෙහෙම දෙයක් වෙන්න බැරි නිසා. 

මමත් වැඩි සද්දයක් නැතුව ඇතුලට ගියා. ළමා නිවාසෙ දොර වෙනදා වගේම ලොක් කරලා තිබ්බා. ළමා නිවාසෙන් මට වැඩිපුර යතුරක් දීලා තිබ්බා මන් ළමා නිවසේ ගොඩක් දවස් නැවතිලා හිටපු නිසාම.  ඇත්තට ම යතුර ගන්න එකට මන් මුලින් කැමති උනේ නෑ. මොකද මන් එතනට පිට කෙනෙක් නිසා. එයාලා මාව කොහොම විශ්වාස කරලා ඒ වගේ දෙයක් කලාද කියන එක මට තාමත් පුදුමයි. ඒත් ඒ ගැන වැඩිය නොහිතා ඉන්න මන් තීරණය කලා.

RescuedWhere stories live. Discover now