Part 25

239 44 70
                                    

Minsun pov

ඇඳේ මුණින් අතට හිටපු jungkook ගේ මුණ මට නොපෙනුනත් එයා ට සිහිය නැතුව ඇති කියලා මට දැක්ක වෙලාවෙම හිතුනා.

මුළු bedsheet එක පුරාම ලේ පාරවල්. තුවාල වෙලා ලේ එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බැරි තරම් ම jungkook ගේ ඇඟේ ලේ.

"අහ්"

Jungkook ගාවට යන්න හදද්දී ම මගේ කකුල මොකක හරි දෙයක වැදුනා. බිඳුණු මල් පෝච්චි වල කෑලි කාමරේ පුරා තිබ්බ නිසා මගෙ කකුලේ ඇනුනෙත් ඒ බිඳිච්ච පෝච්චියක කෑල්ලක් කියලයි හිතුවේ. ඒත් එතන තිබ්බේ blade එකක්. ලේ වලින් නෑවිච්ච blade එකක්. කකුල එන්න එන්න රිදෙන්න ගත්තු නිසා කකුල blade එකට තුවාල වෙලා ඇති කියලා හිතුනා මට. ඒත් ඒ ගැන නොහිතා මන් jungkook ගැන බලන්න තීරණය කලා.

ඒත් එක්කම වගේ කාමරේට ආවේ මන් කතා කරපු ambulance එකේ කට්ටිය. මන් jungkook ව බලන්නත් කලින් එයාලා jungkook ගැන බලන්න පටන් ගත්තා.

පැත්තකට වෙලා එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් jungkook දිහා බලන් ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ලේ යන එක නතර කරන්න එයාලට ඕනි උනා. ලේ යන්නේ කොහෙන්ද කියලා හොයලා බලද්දී තමයි දැක්කේ ලේ යන්නේ අතකින් කියලා.

එයාලා කරන්න පුළුවන් හැම දේම කරලා ලේ යන එක පොඩි වෙලාවකට නතර කලත් jungkook හිටියේ ඒ තරම් හොඳ තත්වෙක නෙමෙයි කියලා මට තේරුණා.

"මිස් අපි ඉක්මනට patient ව hospital එකකට අරන් යන්න ඕනි. අත්‍යාවශ්‍යම ප්‍රථමාධාර අපි කලා උනත් patient ගෙන් ගොඩක් ලේ ගිහින් තියනවා. ඒ නිසා අපි දැන් patient ව ගෙනියනවා. මිස් ට පුළුවන් අපිත් එක්ක ම එන්න"

"ඕහ් හරි...... මන්... එන්නම්..."

ආපු අය jungkook ව කාමරෙන් අරගෙන යද්දී මාත් මගේ කාමරේ ට දුවලා ගිහින් මගෙ phone එකයි purse එකයි අරගෙන පහළ තට්ටුව ට ආවා.

"දුව මගේ පුතාව හොදට බලාගන්න"

"අප්පා..... මට .."

"යන්න... ඉක්මනට යන්න..."

ඇත්තට ම මට අප්පා ව අමතක ම උනා.මන් පහළට එද්දී අප්පා ව දැක්ක ම ගොඩක් බය උනා. අප්පා ත් හොඳ වෙලා ගෙදර ආවා විතරයි. අනික මන් හිතන්නේ අප්පා කිසි දෙයක් තාම දන්නේ නැතුව ඇති. මොකද අප්පා බෙහෙත් බීලා නිදාගන්න ගිහින් ඉවර උනාම මේ දේවල් උන නිසා.





RescuedWhere stories live. Discover now