Part 11

178 40 44
                                    

Hwani pov

මගේ අතින් coffee එක හැලුන jungkook කියන්නේ මන් හොයාගෙන ආපු jungkook මයි කියලා මතක් උනාම නින්ද යන්නේ නෑ.



Jimin කිව්ව විදිහට ඒ මනුස්සය මානසික ලෙඩක් තිබ්බට මට එහෙම දෙයක් පෙනුනේ නෑ. මාත් එක්ක උනත් හොඳට කතා බහ කලානේ.

මොනවා උනත් ඒ jungkook කියලා දැනගත්ත වෙලාවේ නම් මන් පොඩ්ඩක් බය උනා.








Jungkook ගේ office එකෙන් දුවල ඇවිත් ඉස්සෙල්ලම හම්බුන bus එකට නැග්ගේ ඉක්මනට ගෙදර ගිහින් jimin ට මේ දේවල් කියන්න.


ඒත් bus එකට මට කලින් නැගපු මනුස්සයා කලිසමේ සාක්කු ඔක්කොම ඇදගෙන සල්ලි හොයනවා.




මේ මනුස්සයා අද දවස ඇතුලත සල්ලි හොයාගන්න එකක් නෑ කියල හිතුන නිසා මන් එයාටත් එක්කම සල්ලි ගෙවලා එයාවත් pass කරගෙන ගිහින් ඉඳගන්න තැනක් බැලුවා.





Bus එකේ මහලොකු සෙනඟක් හිටියේ නැතත් නිදහසේ ඉඳගෙන යන්න පුළුවන් තැනකට තිබ්බේ අන්තිම seat එක. ඉතින් ආයේ හිත හිත ඉන්න නැතුව මන් ඉක්මනට ගිහින් අයිනකින් ම වාඩි උනා.







මට තේරුණා අර සල්ලි ගෙවාගන්න බැරි වෙච්ච කෙනත් ඇවිත් මන් ඉඳන් ඉන්න seat එකේම අනිත් අයිනෙන් වාඩි වෙනවා.






ඇත්තට ම ගෙදර යන්න තිබ්බ හදිස්සියට ඒ මනුස්සය ට සල්ලි ගෙව්වා මිසක් නැත්නම් මන් ඒ වගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි.





ඒත් සල්ලි ගෙව්වට පස්සේ හිතුනා මරණෙන් පස්සේ යන තැනකට ත් මොනවහරි කරගන්න ඕනි නිසා නිතර නිතර මේවගේ පින් දහම් වැඩ කරන්න ඕනි කියලා.



"Mm excuse me? Thank you"

එහා පැත්තේ මනුස්සයා එහෙම කියනවා ඇහුණා. ඒ කිව්වේ මටද?

වෙන්න එපැයි. මොකද මෙතන වෙන කෙනෙක් නෑනේ.

ඒ නිසා මාත් ඒ පැත්ත හැරිලා ඒ මනුස්සය ට යන්තම් ඔලුව නාවල bow කරලා "you are welcome" කියලා කිව්වා.



එතකොටයි මන් මනුස්සයව හරියට ම දැක්කේ. මුණ වැහෙන්න mask එකක් දාලා ඔලුව ට cap එකක් දාලා ටිකක් වැදගත් විදිහට ඇඳලා හිටපු කෙනෙක් එයා.

RescuedWhere stories live. Discover now