Part 21

176 41 14
                                    

පුතා ඒ කෙල්ල ගැන කිසි දෙයක් දන්නේ නෑ. ඒත් Minsun පුතා ගැන හැමදේම දන්නවා කියලා පුතා දන්න වද?"

"එහෙනම් කියන්න අප්පා.... කියන්න මට Minsun ගැන. මන් නොදන්න හැමදේම..."

"නෑ පුතා හැමදේම කියන්න මට අයිතියක් නෑ. ඒත් පුතා දැනගන්නම ඕනි දේවල් මන් කියන්නම්. අනිත් දේවල් කියන්න මට අයිතියක් නෑනේ පුතා. Minsun කියන්නේ මගෙ හොඳම යාලුවගේ දුව. Minsun ගෙ ඔම්මා නැති වෙලා දැන් ටිකක් කල්. පුතා ඔම්මත් එක්ක වෙනම ජීවත් වෙච්ච කාලේ Minsun නිතර මෙහෙ ආවා ගියා. මුලින් එයා එයාගේ අප්පා එක්ක ආවත් පස්සේ එයාට හිතුන හිතුන වෙලාවට ආවා. Minsun එහෙම මෙහෙ නිතර ආපු නිසා මට පාළුවක් දැනුනේ නැති තරම්. කෙල්ල කෝච්චියක් වගේ කියවනවා ඉවරයක් නෑ. මන් තමයි ඒ කාලේ ඉඳන් Minsun ට පුතා ගැන කිව්වේ.  ටික කාලයක් යද්දි මට තේරුණා Minsun ඔයාට කැමති කියලා. පුතා Yura ව marry කරන්න ඕනි කියද්දී මන් අකමැති උනේ ඒකයි. මට දැනුන විදිහට Minsun ව තමයි පුතාට ගැලපෙන්නේ කියලා මන් හිතුවේ. Yura wedding එකට කැමති නැති උන වෙලේ Minsun කැමති උනා ඔයාව marry කරන්න. වෙන්න ගිය ලැජ්ජාව නැති කරගන්න මන් Minsun ව පුතාට යෝජනා කලේ. ඒත් Minsun ඒකට කැමති උනේ පුතාට තියන ආදරේ ට"

අප්පා කියන දේවල් මට තේරුම් ගන්න බෑ. කොහොමද මාව නොදැක Minsun මට ආදරේ කරන්නේ? ඒක වෙන්න බෑ. මොන...මොන විකාරද මේ???

"කොහොමද අප්පා එහෙම ආදරයක් ඇති වෙන්නේ? Minsun ව මන් දැකලා ත් නෑ කලින්"

"පුතා Minsun ව දැකලා නැති උනාට Minsun පුතාව දැකලා තියෙනවා අනන්තවත්. මන් ගාව තියන හැම photo එකක් ම Minsun ට මන් සිය පාරකට වඩා පෙන්නලා ඇති. ඉතින් කෙල්ලට ආදරයක් ඇති වෙන්නෙ ඇති"

"ඒත්.... ඒත් අප්පා....."

"හිතාගන්න අමාරුයි නේද? ඒත් ඒක ඇත්ත Jungkook. මූණට මූණ මුණගැහෙන්න ම ඕනි නෑ ආදරේ කරන්න"

"ඒත් අප්පා මන් Minsun ට ආදරේ නෑනේ. එයා ඒක දැනගෙනත් ඇයි මට ආදරේ කරන්නේ?"

"ආදරේ කියන්නේ පරිත්‍යාගයක් පුතා. Minsun ඒ පරිත්‍යාගේ ලස්සනට කරනවා පුතා. ඒත් දැන් ඇති මේ දේවල්. ඔයාලා කාලයක් යද්දී සතුටින් ඉඳි කියලා මන් හිතුවත් ඒක එහෙම උනේ නෑ. මට බෑ ඔයාලා දෙන්නා දෙපැත්තට වෙලා මෙහෙම විඳවනවා බලන් ඉන්න. ඉක්මනට ඒ ගැන තීරණයක් ගන්න jungkook"

RescuedWhere stories live. Discover now