Part 24

166 40 30
                                    

Hwani pov

වාව්..... මන් ටිකක් විතර ලස්සනයි නේ බලන් ගියාම....

කන්නාඩිය ඉස්සරහ වරුවක් විතර එහාට මෙහාට කැරකි කැරකි මන් මගේම හැඩ බල බල තනියම හිනා වෙවි හිටියා.

ලා දුඹුරු පාට දිග ගවුමක් ඇඳලා කොන්ඩෙත් දිගට කඩාදාලා ලාවට මේකප් එකකුත් දාගෙන හිටපු මන් අද ලොකු තීරණයක් ගත්තා. ඒ මගේ ජිවිතේ ගොඩක් වෙනස් කරන්න පුළුවන් තීරණයක් කියලා මන් දැනන් හිටියේ නෑ.


බිත්ති ඔරලෝසුවේ වෙලාව හවස 6 යි කියලා දැක්කම මන් ඉක්මනට ගෙදරින් පිටත් උනා. මන් car එකේ Bright එන්න කියලා තිබ්බ location එකට යන්න පිටත් උනා.

මන් කලින් නම් ඒ place එකට ගිහින් නෑ. මොනා උනත් පැයකින් ඒ තැනට යන්න පුළුවන් කියලා මන් දැනන් හිටිය නිසා වැඩි කලබලයක් නැතුව මන් car එක drive කලා.

වෙනදට traffic වලදී කේන්ති ගන්න මම අද car එකේ radio එකෙන් සින්දුවක් play වෙන්න දාලා ඒක මුමුණන ගමන් තනියම හිනා වෙනවා.


යා Hwani ඔයා මාර විදිහට වෙනස් වෙලානේ......

මන් ගැන මටම පුදුමයි.

.
.
.
.
.
.

"ඕහ් ඔයා ගානට වෙලාවට ඇවිල්ලනේ"

මන් Bright එන්න කිව්ව තැනට යද්දිත් එයා ඇවිල්ලා හිටියා. වෙනදට අඳිනවා වගේ tie coat දාලා හිටියේ නැතත් අද Bright ගේ අමුතු ලස්සනක් මන් දැක්කා.

ලා නිල් පාට shirt එක වැලමිට ගාවට නවලා හිටපු නිසා ලස්සන තව වැඩි වෙලා කියලයි මට නම් හිතුනේ.

"මේ place එකට කලින් ඇවිල්ලා නැති නිසා ටිකක් කලින් ආවා"

"ඕහ් ඔයා කලින් ඇවිල්ලා නැද්ද? මන් හිතුවා ඔයා මේ රටේ කෙනෙක් නිසා මෙහෙ ඇවිල්ලා ඇති කියලා. මේක අපේ රටේ අය අතර නම් ගොඩක් famous"

"ඕහ්..... අහලා තිබ්බත් තියන වැඩ එක්ක එන්න වෙලාවක් තිබ්බේ නෑ. Thank you ඔයාට"

"අහ් thanks කරන්න දෙයක් නෙමෙයි. එන්න යමු ඇතුලට. මන් මෙහෙ කලින් ඇවිත් තියන නිසා ඔයාට වට පිටාව පෙන්නන්නම්"

"ඕහ්. හරි යමු"

Bright තෝරලා තිබ්බ place එක ඇත්තට ම මන් කැමතිම විදිහේ තැනක්. Building, කෑම බීම හැමදේම traditional විදිහට තියෙනවා. ඒ වගේ ම පරිසරය හරිම නිස්කලංකයි. කාර්ය බහුල සෝල් වලින් ඈත් වෙලා පොඩි වෙලාවකට හරි මෙහෙම ඉන්න ලැබෙනවා කියන්නේ ඇත්තට ම හිතට ලොකු සහනයක්.


RescuedWhere stories live. Discover now