Part 09

191 43 30
                                    

Jungkook pov

මගේ මූණට අමුතු හිනාවක් ආවේ මට ඕනි විදිහට ම මන් කියලා තියන විදිහට ම Minsun මගේ Tea එකත් අතේ තියාගෙන ඇඳ ළඟම දනගහගෙන ඉන්න නිසා.


Minsun ව දැක්කේ නැති ගානට මන් bathroom එකට ගියා.



Bathroom එකට ඇවිත් මන් දොර වහලා දොරටම හේත්තු උනා.

Minsun ව දැකපු වෙලාවෙ හිතට ආපු ඒ අමුතු හැගීම නැති වෙලා ඒ වෙනුවට දුකක් කේන්තියක් හිතට දැනුනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින්.

"Minsun ඇති දැන් මේ සෙල්ලම. ඔයා ඇයි තවත් ඔහොම ඉන්නෙ මන් ළඟ? ආදරයක් ආරක්ෂාවක් සතුටක් නැති තැනක් ළඟ ඇයි ඔයා නතර වෙලා ඉන්නෙ?"

විනාඩි දෙක තුනක් ම ඔහේ බිම බලන් ඉඳලා මන් වොෂ් එකක් දාන්න පටන් ගත්තේ හිතේ තියන හැඟිමුත් ඇඟ දිගේ ගලාගෙන යන වතුර එක්කම එකතු වෙලා දිය වෙලාම යනවනම් කියලා හිතන ගමන්.



විනාඩි විස්සකින් වගේ මන් bathroom එකෙන් එලියට ආවේ towel එකත් ඉන වටේ ඔතාගෙන තව towel එකකින් තෙත කොන්ඩේ පිහදාන ගමන්.

ඒත් අඩි දෙක තුනක් වත් මට ඇවිදින්න හම්බුනේ නෑ. මන් දැකපු දෙයින් එකපාරටම හිටපු තැන ම මන් නතර උනා.

Minsun......

තාමත්.....???????

Minsun තාමත් මගෙ ඇඳ ලඟ තේ එකත් අතේ තියාගෙන දණගහගෙන ඉන්නවා.

කෙල්ලගේ අත් දෙක වෙව්ලනවා කියලා මට තේරුණා. එක්කෝ මට තියන බයට නැත්නම් තේ කෝප්පේ අල්ලගෙන ඉඳලා වෙන්න ඕනි.


හෙමින් හෙමින් කෙල්ල ළඟට ගිහින් කෙල්ලගේ අතින් ඇදලා අරන් මන් කෙල්ලව නැගිට්ටෙව්වා.


කෙල්ල නොහිතපු වෙලාවක ඒ දේ උන නිසා අතේ තිබ්බ තේ කෝප්පේන් තේ ටිකක් කෙල්ලගේ ඇඟට වැටුණා.






ඒත් මන් ඒ දේ ගණන් ගන්නේ නැතුව තේ එක බොන්න පටන් ගත්තා. අඩුම තරමේ මන් Minsun දිහා හැරිලා වත් බැලුවේ නෑ.

Minsun අතේ තිබ්බ තේ එක වැටෙන්න ඉඩ තියනවා කියලා මට තේරුණා.
එහෙම වෙනවා කියලා තෙරෙද්දිත් මන් ඒක උවමනාවෙන්ම කලා.


RescuedWhere stories live. Discover now