Part 14

209 40 44
                                    

Hwani pov

"Hmmm Hwani මට ඔයාට කියන්න ඕනි උනේ... මන් මෙහෙන් යන්න තීරණය කලා කියලා"

"ඔයා මෙහෙන් කොහේ කියලා යන්නද jimin? අහ් විකාර කියවන්න එපා"

ඒකත් joke එකකට ගත්තු මන් බලන් හිටියේ jimin හිනා වෙනකන්.

ඒත් මොකද්දෝ හේතුවකට ඒ මුණේ හිනාවක් ගෑවිලාවත් නෑ දැන්.

දුකක් ද කේන්තියක් ද කියලා හිතාගන්න බැරි එක එක හැගීම් වලින් කැළඹුණු නොසන්සුන් මුණක් අද jimin ගාව.

ඒ ඇයි jimin?

ඔයා මාව තවත් රිද්දන්නද හදන්නේ?

මාව හිතින් විතරක් නෙමෙයි ගතිනුත් ඈත් කරලා?

ඒක ටිකක් දරුණු වැඩි නැද්ද?

මොනවා උනත් මන් ඔයාගේ යාළුවා නේද තාමත්?

ඔයාගේ හොඳම යාළුවා?

ඉතින් කොහෙද යන්නේ?



හිතින් විතරක් කෑමොර දීලා මන් අහපු ප්‍රශ්න මේ.

"ඔයා ඇත්තටම යනවද මෙහෙන්?"

Jimin ඔව් කියන්න වගේ ඔලුව වැනුවා. මගෙ ඇස් මාගරින්න වගේ කෑම එක දිහාම බලාගෙන ඔලුව වැනුවා.

"කොහේටද යන්නෙ jimin?"

"මෙහෙන් ටිකක් දුර පළාතකට"

"ඒ කොහේටද?"

"...................." Jimin යන්නෙ කොහෙට ද කියලා අහපු ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නොදී කෑම එක කන්න පටන් ගත්තා"




එහෙනම් ඒක මට කියන්න කැමති නෑ.

"ඇයි හදිස්සියෙම මෙහෙම යන්නේ?"




"හදිස්සියේ ගත්තු තීරණයක්මත් නෙමෙයි"

"අහ්.... ඇයි මෙහෙම යන්නෙ? හොඳ රස්සාවක් නෙ ඔයා දාලා යන්නෙ"


"ම්ම්ම් දැන් තනියම හිටියා ඇති කියලා හිතුනා. මට ආදරේ කරන අය එක්ක ඉන්න ඕනි මට. ඉතින් මන් ඒ තීරණේ ගත්තා"




අහ් ඒකත් එහෙමද.....

"එතකොට මේ dinner එක?"

"ඔව් ඔයා හිතන විදිහ හරි. මේ dinner එක මන් මෙහෙන් යන නිසයි. හැමදේටම ගොඩක් ස්තුති Hwani. High school කාලේ ඉඳන් ම මන් වැටෙන හැම වෙලාවක වගේම මන් සතුටු වෙන වෙලාවටත් මාත් එක්කම හිටියට. Thank you ඔයා මන් වෙනුවෙන් කරපු හැමදේටම"




RescuedWhere stories live. Discover now