Part 13

177 40 24
                                    

Hwani pov

Jimin කිව්වේ මට ආස හිතෙන හැමදේම ගන්න කියලා.
ඒත් එච්චර දෙයක් අරන් දෙන්න තරම් jimin ට වත්කමක් තියෙයි ද කියන එකයි ප්‍රශ්නෙ. මොකද shopping mall එකේ මන් දකින දකින හැම දේම අද මට ලස්සනට පේනවා.

"අද දවසම මෙතන ඉන්න බෑ අපිට. Dinner එකට යන්නත් ඕනි. ඒ නිසා ඔයා කැමති දේවල් ඉක්මනට ගන්න"

Cold tone එකකින් jimin එහෙම කිව්වහම මට ටිකක් බයත් හිතුනා.

මේ මනුස්සයා මේ හොඳට ඉන්නවා මේ වෙනස් වෙනවා.

මාර මනුස්සයෙක් තමයි.

Jimin ට ත් ඔරවලා වටේ පිටේ තියන ඇඳුම් දිහා බල බල මන් පොඩ්ඩක් වෙලා ඇවිද්දා.


හිතට වදින ඇඳුම් දැක්කට ඒවයෙ ගාන දැක්කහම ගන්න හිතන්නේ නෑ. මොකද jimin නේ මේවට ගෙවන්නේ.

මට කැමති දේවල් තෝරගන්න ඉඩ දීලා jimin ඒ ළඟම තිබ්බ පුටුවක වාඩි වුණා.

අම්මෝ ඇති යන්තම් මෙතනින් ගියා.

Jimin තවත් මන් ළඟ හිටියනම් ඇත්තට ම මට ඒක ලොකු අපහසුවක්. මොකද jimin ගේ මේ හැසිරීම මට දරාගන්න බෑ.

මොන දේ උනත් මාව reject කරපු මනුස්සයා මේ. එයාට ඒක ගානක් නොවෙන්න පුළුවන්.

ඒත් මට?

Jimin මගේ හිතේ එයාට තියන feelings ගැන දන්නවා.

ඉතින් මට අපහසුවක් නොදැනුනොත් තමයි පුදුමේ.

හොඳ හුස්මක් අරන් ආයෙත් ඇඳුම් තෝරන්න හදද්දී තමයි මන් දැක්කේ jimin මන් දිහා ඉන්නවා.

හිටපු විදිහට ම ගල් උනා මාව. Heart beat එකත් වැඩි වෙනවා කියලා මට තේරුණා.

මන් හිතුවෙ jimin ඉඳගෙන phone එකේ මොකක් හරි වැඩක් කරනවා කියලා.

ඒත් එයා මේ විදිහට මන් ඇඳුම් තෝරන දිහා බලන් ඉන්නවා දැක්කහම මට පිස්සු වගේ.


Jimin ඇහිබැමක් උස්සලා මන් දිහා බැලුවා. හරියට නිකන් "මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව ඉක්මන් කරන්න" කියලා කියනවා වගෙ.





මන් පුළුවන් තරම් ඉක්මනට අතට අහු වෙච්ච ඇඳුම අරන් ඇඳලා බලන්න room එකට ගියේ තවත් එතන ඉන්න බැරි නිසා.






RescuedWhere stories live. Discover now