Part 16

182 40 17
                                    

Jungkook pov

"Minsun ඉක්මනට මගෙ බෙහෙත් ටික ගේනවා. ඒක වත් කරගන්න බැනේ හරි වෙලාවට"

උදේ පාන්දර ම කෑම කාලා ඉවර වෙච්ච වෙලේ මන් minsun ට එහෙම කෑගහුවා.

ඊයේ පොඩි උන ගතියක් තිබ්බ නිසා මන් කෝකටත් කියලා බෙහෙත් ගත්තා. ඇඟට ලොකු මහන්සියක් දැනනෙන නිසා මන් බෙහෙත් ටික වෙලාවට බොන්න ඕනි. ඒත් Minsun ඒ වැඩේ වත් හරියට කරන්නේ නෑ.

ලෙඩක් නිසාවත් මට සැනසීම ක් දෙන්නේ නෑ මේ කෙල්ල.

Minsun වතුර එකක් එක්කම බෙහෙත් ටික කාමරේට ගෙනාවා. ඒත් මගේ කේන්තිය නම් එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනේ නෑ.

Minsun ගෙනාපු වතුර වීදුරුව අතට අරගෙන මන් දෙපාරක් නොහිතා මින්සුන් ගේ මූණට විසික් කලා.

"ගිහින් වෙන වතුර එකක් ගේනවා. පරක්කු උනොත් අයේ ගේන්න වෙයි. යනවා ඉතින් තවත් බලන් ඉන්නේ"

විනාඩි දෙක තුනකට පස්සේ Minsun ආයෙමත් වතුර වීදුරුවක් අරන් ආවා. 

Minsun ට තව වධ දෙන්න ඕනි කමක් තිබ්බත් ඇඟට පණ නැති ගතිය නිසා කෙල්ලව මේ පාර මන් අත ඇරියා.

සනීප උනාම ඒකට වාඩුව ගන්නම් මන්. දැනට ඔහොම ඉන්න කෝ ඔයා Minsun.

බෙහෙත් වලට වෙන්න ඇති මට ආයෙත් නින්ද ගියා.

මාව ඇහැරුනේ හොඳට ම ගොරවන සද්දෙට. ලොකු වැස්සකුත් එක්කම අකුණු ගහන්නත් පටන් අරන්.

තව ටිකක් නිදාගන්නවා කියලා ඇස් දෙක පියාගන්න හදද්දී මට ලොකු බඩගින්නක් දැනුනා.  දවල් තිස්සෙත් නිදි නිසා දවල්ට මොකුත් කන්නත් බැරි උනා.  එහෙමයි රෑට නොකා නිදාගන්න බෑ. බෙහෙත් බොන්න ඕනි නිසා.

Minsun ට කෑගහලා කාමරේ ට කෑම ගෙන්න ගන්න ඕනි උනත් මේ වැස්සේ කොච්චර හයියෙන් කෑගැහුවත් Minsun ට ඇහෙන එකක් නැති වෙයි කියලා හිතලා මන් ම kitchen එක පැත්තට ගියා.

ඒත් එක්කම වගේ current එකත් ගියා. වැස්ස නිසා වෙන්න ඇති. වෙලාවට සාක්කුවේ phone එක තියෙන්නෙ. නැත්නම් ඉතින් කලුවරේ ගිහින් අතක් පයක් කඩගන්න තමයි වෙන්නෙ.

Minsun මොන දේවාලේ ගිහින් ද? Current එක ගියාම ඉටිපන්දමක් වත් පත්තු කරන්න ඕනි කියලා හිතෙන්නේ නැද්ද?

RescuedWhere stories live. Discover now