Part 22

161 47 37
                                    

Minsun pov



Jungkook ගේ මේ වෙනස මට මහ හිසරදයක්. කලින් දවසේත් කියන්න පුළුවන් හැම ජරා කතාවක් ම කියලා දැන් මෙතන හොඳ මිනිහා වෙන්න හදනවා.





පුදුම තරම් ඉක්මනට මෙයා වෙස් පෙරලෙනවනේ.






දවස් දෙක තුනක් ම අප්පා ට අසනීප නිසා මටත් hospital එකේම ඉන්න උනා. Jungkook කිව්වෙ නම් nurse කෙනෙක් ව අප්පා ළඟ නතර කරමු කියලා. ඒත් ඉතින් මන් ඒකට කැමති උනේ නෑ. මන් ගෙදර හිටියා කියලත් ලොකු වැඩක් කෙරෙන්නේ නෑනේ. අනිත් එක මට jungkook ව මගහැරලා ඉන්නත් පුළුවන් නිසා මන් ම අප්පා ගාවින් hospital එකේ නතර උනා.




ඒ දවස් කීපය පුරාවට ම jungkook ගේ හැසිරීම මාව තවත් පුදුම කලා.




ඒ වගේම කලින් වගේම jungkook ඉස්සරහ ඉන්නකොට මගේ heart එක කලින් ට වඩා වේගෙන් ගැහෙන්න ගත්තා. කලින් එහෙම උනේ jungkook ව marry කරපු මුල් කාලේ. ඒත් jungkook මට සලකපු විදිහත් එක්ක ඒක වෙනස් උනා. තවත් මගේ හදවත jungkook ඉස්සරහ ආදරය නිසා වේගෙන් ගැහුනේ නෑ. ඒ වෙනුවට බය නිසා වේගෙන් ගැහුනා. ඒත් දැන් ආයෙම?







මට බයයි jungkook. ඔයාගේ හුස්මක පවා වෙනසක් මට දැනෙනවා. මේ වෙනස හොඳ ද නරකද කියන්න මට තේරෙන්නේ නෑ මොකද මන් තවම ඔයාව හරියට තේරුම් අරන් නෑ. ඔයා ගැන මන් දන්නේ බොහොම පොඩ්ඩයි. ඔයා මට ඒකට අවස්ථාව දුන්නේ නෑ jungkook. ඔයාව දැන අදුන ගන්න, ඔයාව තේරුම් ගන්න. ඔයා මට අවස්ථාවක් දුන්නේ නෑ. ඒකයි මන් බය. මේ වෙනස් වීම නිසා තවත් මට විඳවන්න සිද්ද වෙයි කියලා.





Jungkook කියන කරන හැමදේම මන් ඉවසුවා. දැනුත් ඉවසනවා. තව දුරටත් ඉවසයි. ඒත්... ඒ කොයි තරම් කාලේකට ද? කොයි වෙලාවේ මගේ ඉවසීම නැති වෙයිද කියලා මන් දන්නෙත් නෑ.  කලින් පාර වගේ එහෙම මගේ ඉවසීම නැති උනොත් ඔයාට කරදරයක් වෙයි කියලා මට බයයි jungkook.









තාම jungkook නොදන්නවා උනාට එක පාරක් මන් ගෙදරින් පැනලා යන්න උත්සහ කලා. ඒ මාව බලන්න ගෙදර ට ආපු park doctor ගෙන් උදව් ඉල්ලගෙන. ඒත් මට උදව් කරන්න doctor ට එන්න බැරි උනා වගේම ඒ වගේ දෙයක් මන් කරන්න ගියපු එක ගැනත් මන් පසු තැවුනා. Jungkook මට සලකන විදිහ දන්න කෙනෙක් තාමත් ඉන්නවා නේද කියලා හිතෙද්දි මට බය හිතෙනවා. Park doctor ට එදා ඒ දේ මන් කිව්වෙ මට කලින් දවස් වල jungkook දීපු වධ ඉවසගන්න බැරි උන නිසා. ඒත් ඒ ගැන මන් පසු තැවෙනවා. Doctor එදා මට උදව් කලා නම් අද jungkook හිරේ ඉන්නත් තිබුණා. තාමත් doctor ව මතක් උනාම මට බය හිතෙනවා. මොනවා උනත් මගේ රහස doctor දන්න නිසා.








RescuedWhere stories live. Discover now