Part 18

186 44 42
                                    

කෙල්ලට නිදාගන්න දීලා මට කාමරෙන් යන්න හිත දුන්නෙම නෑ. ඕනි උනේ ළඟින් ඉන්නමයි. Minsun ට පෙරවලා තිබ්බ sheet එක යටට මාත් ගිහින් කෙල්ලව බදාගත්තා.

ඒක හරිම වෙනස් හැගීමක් උනා. වෙනදටත් ඕනි තරම් මන් Minsun ළඟ ඉඳලා ඇති. ඒත් ඒ තරහකින් වෛරයකින් මිසක් කෙල්ල ගැන හැඟීමකින් නෙමෙයි.

ඒත් අද?

මටම මාව පාලනය කරගන්න බෑ.

Jungkook දුර්වල වෙලාද?

නෑ මන් දුර්වල වෙලා නෑ. මන් දුර්වල වෙන්නෙත් නෑ.

හිතට දැනෙන හැම දේම අමතක කරලා මන් Minsun ට තවත් ලන් වෙලා නිදාගත්තා.

සැරින් සැරේ කෙල්ල දැඟලුවත් ටිකකින් ආයෙත් නින්දට වැටුනා.

උදේම Minsun නැගිටින්න කලින් මන් නැගිට්ටා. මට ඕනි උනේ නෑ මන් Minsun ළඟ හිටියා කියලා එයා දැනගන්නවට.

Minsun ගේ නළල ට අත තියලා තාමත් ඇඟ රස්නේද කියලා බැලුවා. ඇති යන්තම් දැන් නම් හොඳටම අඩු වෙලා උන.

තවත් Minsun ළඟ ඉන්න කිසිම උවමනාවක් නෑ මට. මන් ඉක්මනට මගේ room එකට ඇවිත් office යන්න ලෑස්ති උනා.

අද උදේට කන්න කෑම හදන්න Minsun නැගිටින්නේ නෑ කියලා දන්න නිසාම මන් අදත් Banana milk එකක් බොන්න තීරණය කලා. යන ගමන් කොහෙන් හරි කෑම ගන්න පුළුවන් නිසා.

Minsun pov

දවල් 12 ට විතර මාව ඇහැරුනා. Jungkook office ගිහින් ඇති කියලා හිතලා මන් තවත් ටිකක් වෙලා ඇඳට වෙලා හිටියේ ඇඟට දැනුන අමාරුවට.

මෙහෙම ඉඳලා බැහැ. වැඩ ඉවර වෙලා jungkook ගෙදර එද්දී මන් කෑම හදලා තියන්න ඕනි. එයාට දැන් උණ අඩු ද කියලවත් දන්නේ නෑ.

ගිය දවස් ටිකේ මට කෑම හදන්න බැරි නිසා කේන්ති ගිහිල්ලත් ඇති. ඕනි දේකට ලෑස්ති වෙලා ඉන්න ඕනි.

මන් ඇඳෙන් නැගිටිද්දි දැක්කේ ඒ ළඟ ම මෙසේ උඩ තිබ්බ වතුර bowl එකයි towel එකයි.

අහ්... මට මොකුත් මතක නෑනේ. මන්.. මන් අන්තිමට හිටියේ bathroom එකේ නේද? අර වහින වෙලාවේ.

මන්... මන් කොහොමද මෙතනට ආවේ. Ahhhhh සමහර විට jungkook වෙන්න ඇති. Aish දැන් ඒකටත් කේන්තියෙන් ඇත්තේ.

RescuedWhere stories live. Discover now