2008වසර..
ත්රිකුණාමලය එක්තරා ගම්මානයක....Xiao zhan pov.....
"එදා හෙලදිව..." රොබට් නොක්ස්ගෙ පොතේ අවසානම පරිච්ඡේදය කියවපු මම පොත වහලා දැම්මා...ඒත් මම හිතන්නෙ නෑ මම කියවපු පොතේ මොනවද තිබ්බෙ කියන එක මට මතක ඇති කියලා ... තාත්තගෙ නමත් රොබට් නොක්ස්...එතකොට පුතාගෙ නමත් රොබට් නොක්ස්....රොබට් නොක්ස් මල්ලිට වෙඩි තිබ්බා...ඔන්න ඔය වගේ හුටපටයක් මුල තිබ්බා මතකයි.....ඒත්...මම හිතන්නෙ හිතේ තියන වචනවලට පෙරලන්න බැරි හැගීම නිසා මම පිටු හුගාක් මග ඇරියද කොහෙද ....
පේලියට අටවලා තිබුන තනි දුඹුරු පාට තල් අතු වැට....සැරින් සැරේ යන ආර්මි ට්රක්....පාර් පුරාවටම යන අයිතිකාරයා කව්ද නොදන්න මීහරක්....බෝම්බ වලට කැඩිලා ගිය බිත්ති පිරුන ගෙවල්....කද විතරක් ඔලුව නැති තල් ගස් ...මේ ඔක්කොම මැද මම උන්නෙ හෙට අනිද්ද කඩා වැටෙයිද කියන්න නොදන්න පන්තිකාමරයක ගුරුපුටුවේ වාඩිවෙලා...මේක හරි ලොකු අත්දැකීමක්...මුල්ම පාරට සිංහල කතා නොකරන දෙමල විතරක් කතා කරන...කතා කෙරුවත් ඒ සිංහලත් අන්ඩරදෙමල වගේ දැනෙන ඉස්කෝලෙක පුංචි පැටව් ගොඩක් මැද මම ඉදන් උන්නා...මම එයාලාගෙ සිංහල ටීචර්...
අපිට ඉස්කෝලෙදි දෙවන භාශාවට දෙමල උගන්නනවා වගේ එයාලට සිංහල උගන්නවා ...ආනා...ආවන්නා වෙනුවට...අ...ආ...ඇ..ඈ....උගන්නනවා....
මගෙ ඇස් දෙක ඉරිතැලුන බිත්තියේ තිබුන කැලන්ඩර් එක දිහාවටයි මගෙ ඵෝන් එක දිහාවටයි ගියා....
"අයියා අද වත් ගනීද....?" අයියා....මගෙ මහත්තයා වෙලාවකට මම අයියා කිව්වා....එක නමක් කිව්වෙ නෑ...ආදරේ වැඩියෙන් දැනෙන කොට "අයියා මැනික"කිව්වා....ඒත් ඉතින්....මට හුරතල් වෙන්න තියන වාර ගාන මම හිතන්නෙ අතේ ඇගිලිවලටත් වඩා අඩුයි.....
ආයම සැරයක් ආර්මි ට්රක් එකක් මේ පුංචි ඉස්කෝලේ පහු කරන් යනකොට මට හිත නිදහස් වෙන්නත් එක්ක මමම කියලා දීපු සිංදුවක් එයාලට කියන්න එන්න කියනකොට චූට්ටකට නැති මූනු තුනක් ඉස්සරහට ආවා....
එක්කෙනෙක් සපත්තු දාලා පිලිවලට ඇදලා....තව කෙනෙක් සෙරෙප්පු කුට්ටමක් දාලා ගවුම දනිහටවඩා උඩින්...අනිත් දරුවගෙ ගවුම පැනි පාටයි කකුල් වල දූවිලි සෙරෙප්පුවත් සපත්තුවත් මොකුත් නෑ..." එක පංතියෙ පංති තුනක්"....
YOU ARE READING
THE BATTLESHIP CUTTER ⛵ (yizhanCompleted FF)
Fanfictionනෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... ජාතියෙ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ....