22වන කොටස⛵

1.5K 401 121
                                    

අකේන් හිරුන්‍ය" .....එයා දීපු නම....

මං සිය පාරකට වඩා ඒ නම මිමිනුවා ......එයාගෙ නම එක්ක ඒ නම දෙන්න කිව්වා ......වික්‍රමසිංහ .....

ඔයාට අප්පච්චි  නමක් තිබ්බා ...නොදැකපු ඔයාට එයා නමක් දුන්නා....ඇහෙනවද  අම්මිගෙ චූටි වස්තුව ....අප්පච්චි කිව්වෙ " මගෙ සුදු පුතා"කියලා......

හ්ම්.....නව මාසයක් ඔයාගෙ බර උහුලන්නෙ මම උනත්......මැරෙනකම්ම දරු දුක හංගන් වගකීම් දරන්නෙ අප්පච්චිලා ......අම්මා හදක් කිව්වා උනත්.....හදට උනත් බබලන්න එලිය දෙන්න රිදි පාට ඉර වෙච්ච  අප්පච්චිලා ......මතු බුදු වෙන්න නියත විවරන දෙන්නෙ අම්මට උනත් නිවනක් ගැන නොහිතම අම්මට මතු බුදුවෙන්න පාර හදන්නෙ අප්පච්ලා.......

ඉතින් බලන් ගියහම අප්පච්චි කියන්නෙම විශාල වෘක්ශයක මුලක්.....හැමෝටම හෙවන බෙදන අම්මව අල්ලගන ඉන්න

මම ඵෝන් එක අතේ තියාගන ඉදලා හිටලා දගලන එයා එක්ක ඔහේ උන්නා...දැන් ඉතින් බබා කියන්න....සුදු පුතාගෙ කුක්කු හොරකම් කරන්න අප්පච්චි නෑ....ඩබල් ඇදෙ එයාගෙ පැත්ත හිස් කරන් නිදා ගන්නවා කියන එකම පපුවම පුපුරවන්න එන වේදනාවක් වෙනකොට අදත් එයාගෙන් මැසෙජ් එකක් ආවා...

තවම එලියෙද ඉන්නෙ....ඇතුලට යන්න ....පරිස්සමින් ඉන්න මගෙ අම්මි...අප්පච්චි ආදරෙයි ....අමතක නොකර කරන්න මගෙ කොල්ලට කියන්න අප්පච්චි ආදරෙයි කිව්වා කියලා ගොඩක්....

එයාට මාව දැනෙනවා...එයාට මාව හුස්මකින් පවා දැනෙනවා.....එයා තවමත්  එලියෙද ඉන්නෙ අහලා තිබුනා....

පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න අප්පච්චි අපි දෙන්නම බලන් ඉන්නවා.....ආදරෙයි හැමදාමත් ගොඩක්ම ගොඩක්....

.හොරයක් බොරුවක් නැතුවම හිතේ පනගහන හැගීම් අකුරු කරලා මගෙ කොල්ලට අප්පච්චි ආදරෙයි කිව්වා කියන්න කියපු එක මං එයාගෙ පුතාට ඇහෙන්න සියපාරක් විතර කියෙව්වා .....එයාගෙ හිතේ නූපන් දරුවා වෙනුවෙන් තියන ආදරේ මහමෙර තරම් උනා.....එයත් ආස ඇති මාව එක්කන් ක්ලිනික් එකට යන්න...ස්කෑන් එකෙන් පෙන්න දරුවා දිහා බලන් ඉන්න....දගලන දගලන වෙලේට කන තියලා අහන් ඉන්න...වරු ගනන් කියවන්න ....කොරි සුවද පිරුන ඇදුම් ඉව කරන්න....අනේ එයත් කොයි තරම් ආස ඇතිද......

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now