මම අපේ ඇද දිහා බලන් උන්නා......එයා නිදි...නිකන් නෙවෙ අත් දෙකෙම්ම එයාගෙ සුදු පුතාව තුරුල් කරන්....ඇදන් උන්න කොට කලිසමෙන් එක කකුලක් තියන කොට දනහිස ගාවින් අනික තිබුන නෑ....ලාවට වේව්ලන අතක් එක්ක තව තුවාල කැලල් හුගාක් මගෙ අයියගෙ ඒ අමිහිරිම යුද්දෙ මතක සටහන් ඉතිරි කරල තිබුනා...
කාමරේ අකුලල තිබුන රෝද පුටුව ඇද ගාව තිබුන බොරු කකුල දකින වාරයක් ගානෙම මගෙ දරුවගෙ අප්පච්චි ආබාධිතයි කිව්වා උනත්.....නොමැරි හුස්ම අල්ලන එකම මට මහ මෙරටත් වඩා වැඩි උනා...
මට දවස් දෙකකට කලින් උන දේ ආයම මතක් උනා....හීනයක් කියලා හිතාගන අඩ අඩ ගිහින් තුරුල් කරගත්තු යතාර්තයක්.....අනේ මගෙ අප්පච්චි ආවා වගේ හැමෝගෙම අය ගෙදර එනවා නම්.....වීරයෙක් කොහොමද පොලවට පස් වෙන්නෙ....මම ආයම එයාව දැකපුදවස මතක් කෙරුවා....
අප්පච්චි .....මට වචන පවා පැටලුනා...එක පාරක් නෙවෙ දෙපාරක් තුන් පාරක්ම මම මාවම කොනිත්ත ගත්තා...මොකද මට ඕන උනේ නෑ මේක සදහටම හීනයක් කර ගන්න....මට ඕන උනේ නෑ එදා ගේ ඇතුලෙදි පය පාමුල හීන බිදුනා වගේ මගෙ හීන බිදගන්න......
බබා....
මම දරුවව අත්දෙකෙම්ම තුරුල් කරන් වීල් චෙයාර් එකේ උන්න එයා දිහා බලන් ඉදලා පපුව පැලෙන්න එන වේදනාව එක්ක එයා ගාවට දිව්වා..මට දැනුන් නෑ ඒ මූන මම කීපාරක් ඉම්බද කියන්න....මට මතක නෑ එයාට අප්පච්චි නේ ඔයාම නේද කිය කිය කීපාරක් ඇහුවද කියන්න.....
එයා කිව්වේ එක වචනයයි....
නාඩා ඉන්න කියන එක විතරක්ම වෙනකොට අකේන් කියන්නෙ එයාගෙ මුලු ලෝකෙටත් වඩා වැඩි කෙනෙක් වෙනකොට එදා ගැබ්බරයි කිව්ව දවසටත් වඩා එයා දරුවව දැකලා ඇඩුවා......
මගෙ අප්පච්චි ....
හොදටම නින්ද ගිහින් තිබුන ලොකු වික්‍රමසිංහ ව වගේම චූටි වික්‍රමසිංහ ව මම බෙඩ් ශීට් එකෙන් පෙරෙව්වා....වාත කෝච්චිය රෑ එලිවෙනකන්ම අපිට නින්දක් නෑ...එලිවෙනකනුත් කේක් ගෙඩිය වගේ ඇද මැද ඉදගන අප්පච්චි එක්ක කියවනවා කියවනවා ඉවරයක් නෑ....එයාටත් ලමයා එක පාරක් පප්..පප් ගැවොත් ඇති....
YOU ARE READING
THE BATTLESHIP CUTTER ⛵ (yizhanCompleted FF)
Fanfictionනෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... ජාතියෙ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ....