24වන කොටස⛵

1.5K 404 76
                                    

ටික්....ටීක්....ටීක්....

සයිනයිඩ්  කාපු කොටි සෙම පෙරාගන මගෙ ඉස්සරහා  ඇදගන වැටෙනකොට  අත් දෙක ගැට ගහපු මං මරන බයෙ කෑ ගැහුවා .....  උන් පව් කාරයො.....උන් අපි හැමෝගෙම ජීවිත උදුරන් උන් අයිති කරගන්න දගලන ඊලාම් හීනෙවත් නොදැක උන්ගෙම ජීවිත උන්ම නැතිකරගන ඇස් පියාගත්තා .....උස පුටුවල ඉන්න උන් වෙනුවෙන් හැමදාමත් පහල අඩියෙ ඉන්න උන් මෝඩ වෙවි රැවටුනා....උස පුටුවල ඉන්න උන්ට සැප දෙන්න පහල අඩියෙ එකා හැමදමත් නොමැරි මැරුනා....උන් හයි ෆයි වාහනවල යනකොට අපේ උන් ෆුට්බෝඩ් වල එල්ලීගන දුක් වින්දා.....උන් තුන්වේලම කනකොට පහල අඩියෙ එකා ඇල්වතුර බිබි දුක් වින්දා...මුන් කාලකන්නි ඔක්කොම එකයි..... සාප කාර හැත්ත ..

තත්පරෙන්  තත්පරේ ගෙවිලා යනකොට  විනාඩි ගනන් ගතවෙනකොට  මගෙ කුසේ ඉන්න දරුවා  දැගලුවා ...එයා බය වෙලා....අනේ මගෙ දරුවට තේරෙනවා ඇති....

අනේ මගෙ රත්තරනේ උඹ මොන පවක් කෙරුවටද මේ දුක් විදින්නෙ.....මගෙ පුතෙ උඹ මොන පවක්.කෙරුවට දුක් විදින්නෙ.......

දගලන දරුවව අවසාන පාරට අල්ලන්න ඕන කම තිබුනා උනත් මට අල්ලගන්න බැරිවෙනකොට  මං දන නවාගන කෑ ගැහුවා .....මට බයයි....මට.මරන බය දැනෙනවා දෙයියනේ...මාව කෑලි වලට පුපුරලා යාවි..මගෙ දරුවා කෑලි වේවි...ඒ බය මට දැනෙනවා....

පන ගිය මිනාගෙ මලකදේ ඇස් ඇරිලා තියනකොට  වැදෑමහෙන් බෙල්ල හිරකරලා මරපු කිරිසප්පයගෙ කිරි අතපය නිල් වෙලා තිබුනා ...අඩ නිරුවත් වෙලා පිහිපාරට  කට ඇරුන දරු ගැබ දරපු කුස ලේ වලින් නෑවිලා තියනකොට ඒ අම්මත් සදහටම  ඇස් වහන් උන්නා .....

දම්පාට මල් වැටුන සුදුපාට සාරිය ඇන්ද උන්දගෙ සර්වාගෙ තනිකරම පෙනේරයක්  වෙලා තියනකොට  ගිලුන ඇස්වල  ආදරේ තවමත් පන ගහන ගමන් තිබුනා ....ඉතින්....ඊයෙ උදේ හුස්ම අල්ලපු හැමෝම අද උදේ වෙනකොට  හුස්ම ඇරලා තියනකොට  මල දරුවා වෙනුවෙන්  මිරිකපු තනපුඩුවෙන්  කිරි බිංදුවක්  පහලට ගලාගන යනකොට  ලෝකෙ දැකලා හුස්මක් නොගෙන අම්මගෙ පපුවෙ උනුසුම අම්මා කව්ද අම්මගෙ ආදරේ මොකක්ද කියන්නවත් නොදන්න දරුවා පවා  මාවිල් ආරුවෙ ණය ගෙව්වා .....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now