සුදු ඇත් පොව්වෙක්
සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත්
සිරි යහනේ....
පෙරුම් පුරා මා
කුසට පැම්ණි බිළිඳු මට
රජ පැටියෙක්.....නිරෝශා විරාජිනිගේ නොදැකපු කිරි හීනෙ අවසානෙදි රටේම අම්මලාගෙ සුභ සිහිනයක් වෙනකොට මම මගෙ දරුවො දෙන්නවම විරාජිනීට අහිමි වුන ඒ හීනෙ හැගීම් වල තාලෙ අල්ලන ගමන් නැලෙව්ව්වා .....
පස් මාසයක් පිරුන කුස රවුම්ම රවුමට තියනකොට ඉදිමුන කකුල් වල එයා ගාපු ක්‍රීම් සුවද මගෙ නහයට දැනුනා...
හැම අම්මම කියන දොයි දොයි දොයිය බබා වෙනුවට මම හැමදාම එයාලා දෙන්නටම හැම දාම එක එක සිංදු කිව්වා....
නංගි බබාගෙ කුක්කු හොරකන් කරන චූචි අයියා අදත් කුක්කු බොන කොට මම කියන කියන වචනෙ මැදින් එයත් දැන් තාලෙ ඇල්ලුවා...මොනවා කියනවද දන්නෙ නෑ හැබැයි එයා අවසානෙදි මොන මොනවදෝ කිව්වා...
මම්..මම් ගගා උන්න එයා දැන් මම්මියා කියන එකම කියනවා අප්පච්චි වෙනුවට පප්පච්චි කියනවා......හුරතල් චූටි කටෙන් මම්මියා ගානකොට පප්පච්චි ගානකොට අප්පචි උගන්නපු ඔව් නෑ බෑ බැරි නැරි ගාතෙ අකුරු කරනකොට හිත තුල තියන දරු සෙනෙහස වචන කරන්න බැරි උනා.....පුංචි ළමයි මල් වගේ රකින්න ඕනා ඇස් වගේ....මලක පෙති තැලුනොත් තැලුනම වෙනකොට දරුවෙක් රකින්න ඕනෙ මලකටත් වඩා පරිස්සමින් කියන එක මම හැම වෙලේම හිතුවා...මට කාගෙ දරුවත් එකයි.....මොකද අම්මට කාගෙ දරුවත් එකයි......
ඇත්තටම කිරි හීනයක් බොද වෙලා යනවා කියන එක මොන තරම් දුකක්ද .....මට මතක් උනේ එදා වැඩසටහන වෙලේදි එයාගෙ ඇස්වලින් වැටුන කදුලු පේලිය ....අහිමි දරු සෙනෙහස හැගීම් වලට පෙරලිලා කම්මුල් දිගෙ පහලට යනකොට මට ඒ ගැහැනු ආත්මයෙ වේදනාව දැනුනා ....
එයාට අහිමි උන කිරි හීනෙන් අද කීයක් නැලවෙනවද....
මම එයා දිහා බැලුවා ....
මම්මියා...
ම්ම්ම්.....දොයියන්නෙ නැද්ද....කියව කියව ඉන්නෙ...හැමදාම රෑට කෝලම් කරනවා නේ...
YOU ARE READING
THE BATTLESHIP CUTTER ⛵ (yizhanCompleted FF)
Fanfictionනෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... ජාතියෙ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ....