05වන කොටස⛵

2.8K 503 84
                                    

මායිම් ගම් පහුකරන් ගෙන්දගම් පොලවට පය ගහපු අපිට උතුරෙ දැනුන බය වෙනුවට කන් අඩි පැලෙන සිංදු ගොඩක් බෝ ගහ ගාව තිබුන අර කඩ පේලි ගොඩෙන් ඇහෙනකොට මම එහෙම්ම බෙල්ල චුට්ටක් පහත් කරල වටපිට බැලුවා....සර්ව පිත්තල ලෝකයක්..මුස්ලිම් කෑම කඩ පෝලිමක්..මේ හැම දේම එක්කලා මිනිස්සු එහාටත් යනවා මෙහාටත් යනවා....බස් හැම හැම පැත්‍තෙම්ම හැම හැම අතටම යනකොට බස් වල හෝන් සද්දෙට කන් අඩි පැලෙන්න ආවා..දකුනෙන් ඕල්කට් පාර වගෙම හතරමන් හන්දියෙන් HULFTSDROP වීදිය(බස්තියම කන්ද අලුත්කඩේ උසාවිය පාර)

ගනින්න බැරි තරම් මිනිස්සු ගොඩක් හැම හැම පැත්තටම යනකොට  නේවි ආර්මි වගෙම එයාෆොර්ස් වාහනත් අඩුවක් නැතිවම එහා මෙහා ගියා...ආර්මි එකේ කොල්ලො ට්‍රේලර් බයික් වලින් යනවා...ආයම නේවි ජීප්....මහකැලේ වගේම ගෙන්දගම් පොලවෙත් ඒ කකුල් වලට සැනසීමක් නැති වෙනකොට ඒ හැම එකක්ම පහු කරන් මම ආසම දෙයක් උඩ මගෙ ඇස් නැවතුනා....

නිල්පාට කටවුට් එකෙ තනි සුදු ලෝගෝ එක...ගුරුළුගෝමි පඩි තුමා අමාවතුර ලියන ලාංජනේ....ඇම් ඩී ගුණසේන ඕල්කට් ශාඛාව.....ඉතින්...එතන තමා හිත අතරමන් කරන එකම තැන....මම එහෙම්ම මගෙ ඵෝන් එක ගත්තා...

"අයියෙ....මාව ගුනසේන එක ගාවින් බස්සවන්නකො...."

මම මැසේජ් එක යවලා එයා දිහා බලනකොට එයා මැසේජ් එක කියවල මා දිහා බැලුවා....අනේ මට පොත් ඕනා....එයා එක්ක ගියත් මට කරන්න වැඩක් නැති වෙනකොට මට මෙතන නවතින්න හිතුනා...

"අතපත්තු...වාහනේ පොඩ්ඩක් නවත්තන්න..."

එය.ඩ්‍රයිවර්ට වාහනෙ නවත්තන්න කියනකොට අතපත්තු බෝ ගහගාවින් චුට්ටක් ඉස්සරහට ඇවිත් නවත්තනකොට එයා බැස්සා  වගේම මාත් ඉක්මනට බැහැ ගත්තා ....

එන්න යන්න...

ඔයා යන්න....මම මෙතන ඉන්නම්...

හරි...ඒ පේන්නෙ නැද්ද සෙනග ගොඩ...ඔක්කොම එන්නෙ මේ පැත්තට හැප්පුනොත් වීසිවෙයි....

එයා කිව්වා හරි...කොටුවෙන් එන සෙනග බාගෙට බාගයක් ඔඉට කොටුවට එනකොට ඒ සෙනග මැශින් අනිත් අතට යන එක අමාරු වෙනකොට එයා මගෙ අත කිටි කිටියට අල්ලන් සෙනග මැදින් පොත් සාප්පුව ඉස්සරහට ආවා.....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now