34වන කොටස⛵

1.6K 406 249
                                    

අප්පච්චි ......

මම බෙඩ් ශීට් එක පැටලි පැටලි  ලමයවත් හරහට එක අතකින් උස්සන් පහලට දිව්වා.....අනේ එයා ඇවිත්....සතුට දුක මේ හැහීම් දෙකම එකට එනකොට හැගීම් දෙකම එක පාර කදුලු විහිදිහට එලියට ආවා...තිබුන සතුට කොයි තරම්ද කියනවා නම් මම පඩියක් ඇර ඇර පැනපු පාරට මාව වැටෙන්න පවා ගියා...

අප්....පච්චි.....!!!

ඇස්වල කදුලු ඉවරයක් නැතිවම කම්මුල් තෙමනකොට දරුවව ඔතලා තිබුන සිනිදු රෙදි කඩ බිමට වැටුනා ...නිකන් නෙවෙ...මගෙ හීන..මගෙ බලාපොරොත්තු ...මගෙ සතුට...මේ හැම දේම කිරි සුවද පිරුන සිනිදු රෙදි කඩ එක්ක බිමට වැටිලා හැම දේම පය පාමුල මැරිලා යන කොට මම එහෙම්ම බිම ඉදගත්තා .....

උඹට මහන්සිද පුතේ......අප්පච්චි මේ කොල්ලට නාගන්න වතුර ටිකක් තියන්නකො...

හිටින් මං තේ ටිකක් හදන්නම්..උඹව ඇදිලා ගිහින් අප්පා...මේ ඇසුත් යට ගිහින්....උඹගෙ කොලුවා උඹ වගේමයි අප්පා....මේ....හ්...ඔන්න එකක් කියන්නම්...දැන් උඩට ගියාට කමක් නෑ....නොදරුවව ඇහැරවන්නෙ නෑ ආ.....අර ලමයට නින්දකුත් නෑ.....

අතේ උන්න දරුවා අඩන එක වත් මට ගානක් නැති උනා..කොල්ලා නහර පුම්ඹන් මූන රතු කරන් ඉහලට හුස්ම අල්ල අල්ල අඩන එක වත් මට ගානක් නැති උනා...අඩනකොට කදුලු නැති උනත් අසනීප දරුවා අත පය මිටිමොලවන් අඩන එක වත් මට ගානක් ණැති උනා...
මගෙ අතේ උන්න දරුවව අප්පච්චි ගන්නකොට එයාගෙ ඵොටෝ එක දිහා බලාගන අල්මාරියෙ තිබුන එයාගෙ ජැකට් එකෙ සුවද ඉව කර කර තනියම කියවන අම්මාගෙ වචන එක්ක මගෙ බලාපොරොත්තු තත්පරයකින් මැරිලා ගියා....

මගෙ අතේ උන්න දරුවව අප්පච්චි ගන්නකොට එයාගෙ ඵොටෝ එක දිහා බලාගන අල්මාරියෙ තිබුන එයාගෙ ජැකට් එකෙ සුවද ඉව කර කර තනියම කියවන අම්මාගෙ වචන එක්ක මගෙ බලාපොරොත්තු තත්පරයකින් මැරිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාලෙ තිබුන එයාගෙම ඵොටො එක ගාව තිබුන තේ කෝප්ප ගාන මම හිතින් ගනන් කෙරුවා.....එතන ඇල් වෙලා ගියපු තේ කෝප්පා දහයක් විතර තිබුනා....මම රැවටුනා....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now